ගියත් වියැකී නොපෙනීම…
තාමත් ඇසේ..
නුබේ ඒ අවිහිංසක සිනහව…
නුඹට නොදැනුනාට..
රූප පෙට්ටියම පාළුයි..
අඳුරුයි බයිස්කෝප් මණ්ඩපය..
ඉතිං…ආයෙත් එන්නේ කවදාද ..
මේ මන්දාරම් අහසට එළිය අරං..
එතෙක් සිනාවෙන්නකො ටිකක්..
ඉන්නා තැනක හිඳ..
කනාමැඳිරි එළි යටින්..
අඳුරු අහසට රිදී ඉරක් වී…
ආදරණීය මාලිනියේ…
රෂිකා හෙන්නායක


