චෙම්මනි ඛේදවාචකය:දෙවන අදියරේ 20 වැනි දිනය වන විට මිනිස් සිරුරු 90ක අස්ථි හඳුනා ගනී! (PHOTOS)

Date:

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි කොටස් සොයාගත් ස්ථානයේ කැණීම්වල දෙවන අදියරේ 20 වැනි දිනය,එනම් අද (25) දිනය වන විට මිනිස් සිරුරු 90ක අස්ථි හඳුනා ගෙන තිබේ.

ඉන් 81ක් අධිකරණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ගොඩගෙන ඇත.

එම ස්ථානය තවත් කැණීමක් ආරම්භ කිරීම සඳහා වන ස්කෑන් පරීක්ෂාවට අදාළ නියෝගය හෙට දින ලැබීමට නියමිතයි.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත එම කැණීම් කටයුතු සිදුවන අතර හමු වූ අස්ථි කොටස් සහ භාණ්ඩ අංකනය කොට වර්ගීකරණය කිරීමේ කටයුතු යාපනය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පිරනවන් මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙයි. ඒවා යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා හා මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ ගබඩා කර ආරක්ෂා කිරීමට කටයුතු කර සලස්වා තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු අරගලයේ පහන් තරුව ත්‍රිමා විතාන 37 වන සැමරුම! (PHOTOS)

කොළඹ LNW: ත්‍රිමා 37 වන සැමරුම අද (30) කොළඹ...

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 05ක් CID අත්අඩංගුවට!

ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ , සුරාබදු දෙපාර්තමේන්තුවේ...

පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්...

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන...