සතෙකු වුවත් ඇයත් මවක්: හීනුගල රක්ෂිතයේ මුවදෙනකු ඝාතනයේ සුලමුල …

රෂිකා හෙන්නායක ජූලි 27කොළඹ LNW :

හීනුගල රක්ෂිතයේ මුවදෙනකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් සැකකරුවෙකු සහ බෝර දොළහ බලපත්‍ර රහිත ගිනි අවි තුනක් අත්අඩංගුවට ගත් බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව් .ජි .එම් .එම් .චන්ද්‍රසිරි මහතා පවසයි .

ඊයේ(27) දින අත්අඩංගුවට පත් පොලිස් සැරයන්වරුන් දෙදෙනාගෙන් සහ සිවිල් අයගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ වහකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මුව දඩයමේ පැමිණ ඇති බවයි.

අත් අඩංගුවේ පසුවන එක් පුද්ගලයකුගේ සහෝදරයෙකු පොලිස් සැරයන්වරයෙකු ලෙස සේවය කරන බවත් මුව දෙන ඝාතනය කිරීමෙන් පසු රැගෙන යෑමේදී ගම්මුන් සිද්දිය දුටු නිසා සහෝදරයාගේ සහාය පතා තිබෙන අතර, සහෝදර පොලිස් සැරයන්වරයා තවත් පොලිස් සැරයන්වරයකුගේ සහය ලබාගෙන සහෝදරයා වෙඩි තැබූ මුවදෙන ආසන්නයට ගොස් ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ගිරානේගම පොලිසියේ සැකකරුවන් රඳවා තබා ගැනීමේ අවදානමක් පැවතීම නිසාවෙන් 26 දින අලුයම සැකකරුවන් හතර දෙනා දඹුල්ල පොලිසිය වෙත ගෙනවිත් තිබෙන බවයි වාර්තා වේ.

ප්‍රදේශවාසීන් විසින් පහර දුන් බව ප්‍රකාශ කරමින් මකුළුගස්වැව පොලිසියේ පොලිස් ජීප් රථ රියදුරු ගලේවෙලේ රෝහලට ඇතුළුවී ප්‍රතිකාර ලබන බව පොලිසිය සදහාන් කරයි..

මුව දෙන ඝාතනය කොට ඇත්තේ බෝර දොළහ වර්ගයේ ගිනි අවියකින් බව සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇති බව ද පොලිසිය ප්‍රකාශ කරයි.

මුව දෙන ගේ සිරුරේ තිබීම ඊයම් සහිත බෝලයක් සොයාගෙන ඇති බවත් වෙඩි තැබූ බෝර දොළහා වර්ගයේ ගිනි අවිය පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල වහකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි ඩී .ජි .චන්දන සුරංජිත් මෙල්ටන් යන අය සහ එම් .පි .ජී . ඩී. රුක්මන් ප්‍රසන්න විජේරත්න යන සිවිල් පුද්ගලයන් දෙදෙනායි.

ඔවුන්ට අනවසර බෝර දොළහ ගිනි අවි ළඟ තබා ගැනීම රක්ෂිතයේ සිටි මුව දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම යන චෝදනා එල්ල කොට තිබෙන බව වාර්තා වේ.

පොලිසිය වැඩිදුරටත් සදහාන් කර ඇත්තේ, මුව දෙන ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දීම චෝදනාව යටතේ ගිරානේගම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් එම්. ඩී. අසංග සුරංජිත් දිසානායක, මඩාටූගම පොලිසියට අනුයුක්ත සේවය කළ පොලිස් සැරයන් ඩී .ජී .චතුරංග දිල්ෂාන් යන දෙදෙනා මේ වන විට පොලිස් අත් අඩංගුවේ පසුවන බවයි .

මෙම පිරිස සහ බෝර 12 වර්ගයේ අත්අඩංගුවට ගත් ගිනි අවි 26 දින දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසා ඇත.

පොලිස් සැරයන් වරුන් දෙදෙනා පිළිබඳව වෙනමම විනය ක්‍රියාමාර්ග ගන්නා බව සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රසිරි මහතා පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: ප්‍රංශයේ පාසල්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...