ආසියාවේ බුද්ධිමත්ම පොලිස් නිළධාරින් සිටින්නේ ශ්‍රී ලංකාවේ : ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස්

Date:

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW :

ගෙවුණු වසර 05 තුළදී පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි .

ඔහු කියා සිටියේ, තවත් පුද්ගලයින් 30 දෙනෙකු ගැටුම්වලදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි .

ඔහු කියා සිටියේ, ආසියාවේ බුද්ධිමත්ම පොලිස් නිළධාරින් සිටින්නේ ශ්‍රී ලංකාවේ බවත්, එම නිළධාරින්ට නව තාක්ෂණය උපයෝගිකර ගනිමින් පොලිස් විමර්ෂණ සිදු කිරිමට අවස්ථාව සහ ආයතනය කිහිපයක් පිහිටුවා තිබියදී මාංශපේෂීන් උපයෝගි කරගෙන පොලිස් විමර්ශන සිදු කිරිමට නොහැකි බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ , ජාත්‍යන්තර වද හිංසා වැළැක්වීමේ දිනය නිමිත්තෙන් “ඒ මම වෙන්න පුළුවන්” යන මැයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හැටන් ප්‍රාදේශිය කාර්යාලය මගින් පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

ඊට පොලිස් නිළධාරින්, රාජ්‍ය සේවකයින් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...

2024ට විතරක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය දරා ඇති වැය බර මෙන්න!

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් සහ විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස...