යාපනය මහා සංස්කෘතික මංගල්‍ය හෙට ඇරඹේ!(PHOTOS)

Date:

කොළඹ LNW:යාපනයේ සුප්‍රකට නල්ලූර් කෝවිල කේන්ද්‍ර කරගත් වාර්ෂික තේරු උත්සවය හෙට (30) ආරම්භ වීමට නියමිතයි.

මාසයක කාලයක් පුරා එම සංස්කෘතික උත්සවය පැවැත්වෙන අතර ඊට ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් ප්‍රමාණයක් යාපනය නල්ලූර් පුදබිම වෙත පැමිණෙයි.

මුරුගන් හෙවත් කන්දසාමි දෙවියන් උදෙසා වෙන් වූ නල්ලූර් කෝවිලේ මෙම වාර්ෂික උත්සව මංගල්‍ය වෙනුවෙන් මේ දිනවල ඊට පෙර සූදානම් කටයුතු සිදුවෙයි.

උත්සව කාලයට නල්ලුර් පෙදෙසම සැණකෙළි සිරි ගන්නා අතර ප්‍රදේශයේ බොහෝ ව්‍යාපාරිකයන් එකතු වී පැමිණෙන බැතිමතුන්ට ආහාර ලබාදීම වෙනුවෙන් දන්සල් පැවැත්වීමත් දැකගත හැකියි. විවිධ බඩු පිරුණු තාවකාලික සල්පිල් කඩවලින් ද, විවිධ අන්දමේ රසකැවිලි කඩවලින් ද මංමාවත් පිරී යාමට නියමිතයි.

දෙවියන්ට බැතිමත් නල්ලූර් අවට වැසියන් තම ව්‍යාපාරික ස්ථාන, නිවෙස් ඉදිරිපිට කෙසෙල් ගසින්, ගොක් රැහැනින්, සරසා කහ දියර ඉස හැඩකර තිබෙන ආකාරයද හෙට සිට දැකගත හැකියි.

පුරා මසකට ආසන්න කාලයක් නල්ලූර් කෝවිලේ වාර්ෂික පූජා පැවත්වෙන අතර මේ කාලයේදී කෝවිල වටා දින 20ක් තේරු රථය ඇදගෙන යාම ද සිදුවෙයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපැදි පරමාදර්ශය පොගාකර්ට ප්‍රංශ සවාරියේ සිව්වැනි ජයත්

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW: ස්ලෝවේනියාවේ දී 1998, උපත...

අර්බූදවලින් හම්බ කළ හැකි සාමය සහ විශ්වාසය

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW: ආසියානු ක්‍රිකට් සූරතාවලිය සැප්තැම්බර්...

එක වගේ මූණු හුරුවන් සොයා බොලිවුඩයට!

සටහන – පුලී ජූලි 28, කොළඹ (LNW):  ඉන්න, මම මේ...

එක්සත් ජනපද තීරු බදු සන්තෑසියෙන් තේ, රබර් කර්මාන්තයට අත්වන ඉරණම!

සටහන – පුලී ජූලි 28, කොළඹ (LNW):  අගෝස්තු 1 වනදා...