දුම්වැටි මිල ඉහළ දැමීමට දුම්කොල සමාගම තීරණය කර තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සංශෝධනය සිදුවන බවයි වාර්තා වන්නේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළු බදු වර්ග කිහිපයක් ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කළ අතර මීට අමතරව නිෂ්පාදන මිල ඉහළ යෑමත් හේතුවෙන් දුම්වැටිවල මිල ඉහළ දැමීමට සිදුවන බව දුම්කොල සමාගම පවසනවා.
සංශෝධනය වන මිල ගණන් පිළිබඳව අද රාත්රියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ අතර බදු ඉහළ දැමීමට සාපේක්ෂව මත්පැන් මිලද ඉහළ දමා ඇති බව වාර්තා වේ.
UN