හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපතිවරයා විසින් ලබා දුන් ජනාධිපති සමාව අත්හිටුවමින් ඊයේ (31) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගය අනුව ඔහුව අත්අඩංගුවට ගත යතු බවට ප්‍රකාශ වූ අතර, ඔහුගේ ගමන් බලපත්‍රය ද අධිකරණයට ලබා දෙන මෙන් නියෝග කර තිබිණි.
මෙම නියෝගය ලබා දුන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.