තවත් දින 90කට ‍ අන්‍යෝන්‍ය තීරු බදු අත්හිටුවීමට චීන-ඇමරිකා එකඟතාවයක්!

Date:

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡාව 28 සහ 29 දෙදින ස්වීඩනයේ Stockholm නගරයේදී පැවැත්වුණා.

ඒ චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ කටයුතු සඳහා වන චීන පාර්ශ්වයේ ප්‍රධානී, උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා, ඇමරිකා පාර්ශ්වයේ ප්‍රධානී, එරට භාණ්ඩාගාර ලේකම් Scott Bessent මහතා හා වෙළඳ නියෝජිත Jamieson Greer මහතාගේ ප්‍රධානත්වයෙනි.

චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතාව, සාර්ව ප්‍රතිපත්ති ඇතුළු පොදුවේ අවධානයට ලක්වන ප්‍රශ්න පිළිබඳව දෙපාර්ශ්වය මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා. එහිදී එළඹි එකඟතාවන්ට අනුව දැනට තාවකාලිකව අත්හිටුවා තිබෙන ඇමරිකාවේ 24%ක අන්‍යෝන්‍ය තීරුබදු මෙන්ම චීනයේ ප්‍රති-පියවර තවත් දින 90ක් දක්වා දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කළ බවයි වාර්තා වන්නේ.

දෙරට නායකයන් පසුගිය ජූනි මස 05 වනදා දුරකථන සංවාද ඔස්සේ ඇතිකර ගත් එකඟතාවන්ට අනුව දෙපාර්ශ්වය එකිනෙකාගේ අවශ්‍යතාවන්ට ගරු කරමින් අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කළ යුතු බව He Lifeng මහතා එහිදී ප්‍රකාශ කළා. ඉදිරියේ දී චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණය මනා ලෙස යොදා ගනිමින්, එකඟතාවන් ප්‍රවර්ධනය කිරීමටත් වැරදි අවබෝධයන් අවම කිරීමටත් සහයෝගිතා ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව ද He Lifeng මහතා එහිදී අවධාරණය කර තිබෙනවා.

ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණය ඔස්සේ අදාළ මතභේද විසඳා ගෙන වඩාත් වැඩි ප්‍රතිඵල අත්පත් කර ගනිමින් දෙරට ආර්ථික හා වෙළඳ සබඳතාව ශක්තිමත් කිරීම සඳහා ඇමරිකාව චීනය සමග එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ඇමරිකා පාර්ශ්වය එහිදී සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...