තවත් දින 90කට ‍ අන්‍යෝන්‍ය තීරු බදු අත්හිටුවීමට චීන-ඇමරිකා එකඟතාවයක්!

Date:

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡාව 28 සහ 29 දෙදින ස්වීඩනයේ Stockholm නගරයේදී පැවැත්වුණා.

ඒ චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ කටයුතු සඳහා වන චීන පාර්ශ්වයේ ප්‍රධානී, උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා, ඇමරිකා පාර්ශ්වයේ ප්‍රධානී, එරට භාණ්ඩාගාර ලේකම් Scott Bessent මහතා හා වෙළඳ නියෝජිත Jamieson Greer මහතාගේ ප්‍රධානත්වයෙනි.

චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතාව, සාර්ව ප්‍රතිපත්ති ඇතුළු පොදුවේ අවධානයට ලක්වන ප්‍රශ්න පිළිබඳව දෙපාර්ශ්වය මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා. එහිදී එළඹි එකඟතාවන්ට අනුව දැනට තාවකාලිකව අත්හිටුවා තිබෙන ඇමරිකාවේ 24%ක අන්‍යෝන්‍ය තීරුබදු මෙන්ම චීනයේ ප්‍රති-පියවර තවත් දින 90ක් දක්වා දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කළ බවයි වාර්තා වන්නේ.

දෙරට නායකයන් පසුගිය ජූනි මස 05 වනදා දුරකථන සංවාද ඔස්සේ ඇතිකර ගත් එකඟතාවන්ට අනුව දෙපාර්ශ්වය එකිනෙකාගේ අවශ්‍යතාවන්ට ගරු කරමින් අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කළ යුතු බව He Lifeng මහතා එහිදී ප්‍රකාශ කළා. ඉදිරියේ දී චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණය මනා ලෙස යොදා ගනිමින්, එකඟතාවන් ප්‍රවර්ධනය කිරීමටත් වැරදි අවබෝධයන් අවම කිරීමටත් සහයෝගිතා ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව ද He Lifeng මහතා එහිදී අවධාරණය කර තිබෙනවා.

ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාන්ත්‍රණය ඔස්සේ අදාළ මතභේද විසඳා ගෙන වඩාත් වැඩි ප්‍රතිඵල අත්පත් කර ගනිමින් දෙරට ආර්ථික හා වෙළඳ සබඳතාව ශක්තිමත් කිරීම සඳහා ඇමරිකාව චීනය සමග එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ඇමරිකා පාර්ශ්වය එහිදී සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...

Trendy Thursday: “The Devil Wears Prada 2” හි විලාසිතා ගොන්නක්!

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...