ඩෙන්මාර්කයේ 2030 දී ෆොසිල ඉන්ධන වලින් තොර ගුවන් ගමන්

Date:

ඩෙන්මාර්ක රජය 2030 වන විට අභ්‍යන්තර ගුවන් ගමන් ෆොසිල ඉන්ධන වලින් තොර බවට පත් කිරීමේ ඉලක්කයක් එරට ප්‍රකාශයට පත් කර ඇත.

20222 වසර වෙනුවෙන් නව අවුරුදු ආරම්භයේ සිදු කල කථාව අතරතුර අගමැතිනි මෙට් ෆ්‍රෙඩ්රික්සන් පැවසුවේ “make flying green”සංකල්පයක් අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් මෙම ඉලක්කය කරා යාමට විසඳුම් තවමත් ක්‍රියාත්මක වී නොමැති බව අගමැතිනි පිළිගත්තාය.

ඩෙන්මාර්කය 1990 වසරට සාපේක්ෂව 2030 වන විට සමස්ත කාබන් විමෝචනය 70% ක අවම කිරීමක් එරට අපේක්ෂා කරයි.

ලෝකයේ අනෙකුත් රටවල් ඉතා මන්දගාමී වන විට, ඩෙන්මාර්කය කඩිනමින් පෙරමුණ ගත යුතු අතර එය තවත් ඉහළ නැංවිය යුතු බවත් ඇය පැවසුවාය.

හරිත ආර්ථික ප්‍රතිපත්ති මත අභ්‍යන්තර ගුවන් ගමන් සාක්ෂාත් කර ගැනීම දුෂ්කර නමුත් එ සම්බන්ධ පර්යේෂකයන් සහ අදාල සමාගම් මේ සමබන්ධව කටයුතු කරමින් සිටින බව ඇය පැවසුවාය.

යුරෝපීය නිෂ්පාදන ගුවන් යාන 2035 වන විට හයිඩ්‍රජන් ඉන්ධන සහිත ගුවන් යානා වශයෙන් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. කෙසේ වෙතත්, 2030 ඩෙන්මාර්ක රජයේ මෙම ඉලක්කය කරා ළඟා වීමට නම් එරට තාක්‍ෂණය සඳහා කවර පිරිවැයක් දැරීමට සිදුවේද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි නැත.

එසේම ස්වීඩනය ද 2030 වන විට තම අභ්‍යන්තර ගුවන් ගමන් ෆොසිල ඉන්ධන වලින් තොර කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර ඇත. එමෙන්ම 2045 වන විට ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක්ද ෆොසිල ඉන්ධන වලින් තොර කිරීමට බලාපොරොත්තු වේ.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...

මේ ආණ්ඩුව ට්‍රිලියන 1.22ක් සල්ලි අච්චු ගහලා ට්‍රිලියනයක සංචිතයක් ගැන කියනවා – රංජිත්

වත්මන් ආණ්ඩුව යටතේ රුපියල් ට්‍රිලියන 1.22ක් මුදල් අච්චු ගසා...