හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට ඇප : විදේශ ගමන් තහනමකුත් ඒ සමඟ

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW :

ඉකුත් 2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් “දූෂණය” නැමති වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ බව වාර්තා වේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින්, අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ බව සඳහන් වේ.

මෙම පැමිණිල්ල කැපවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන බොහෝ දුරට අවසන් වී ඇතැයි සඳහන් කළ බව පැවසේ.

කෘෂිකර්ම නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බවත් ඒ අනුව සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිට ඇත.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු විමර්ශන වලට පූර්ණ සහාය ලබා දී ඇති බවත් සාක්ෂි කරුවන්ට බලපෑම් සිදු කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති බවත් සඳහන් කළ බව පැවසේ.

ඒ අනුව සැකකරු සුදුසු කොන්දේසි මත ඇප නියම කරන ලෙසයි ඉල්ලා සිටි ඇති අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර දෙකක් මත මුදා හැරීමට නියම කළ බව වාර්තා වේ.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළ සඳහන් වේ.

පසුව මෙම නඩුව ලබන ජනවාරි මස 09 වනදා කැඳවන ලෙසත් නියම කෙරුණු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාන්තාවන්ට දොර ඇරෙන දුම්රියේ තනතුරු!

කොළඹ LNW:ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා...

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...

21 රැළියෙන් එක එක හැලෙයි! රනිල් එන්නෙත් නැහැ!

කොළඹ LNW:විපක්ෂය එකාබද්ධව පැවැත්වීමට සූදානම් කර තිබෙන මහජන රැළියට...