කපටි උපාසකයාගේ උත්සාහය වතුරේද? දළදා මාළිගාවේ දියවඩන නිලමේට එරෙහි කපටි උපාසකයාට වාරණ නියෝගයක්!

Date:

කොළඹ LNW: ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ලෙස කටයුතු කරන ප්‍රදීප් නිලංග දෑල මහතා සම්බන්ධයෙන් රචනා කර තිබෙන ”කපටි උපාසකයා” කෘතියට කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කේ. ඒ. ධරණිත මහතා විසින් එම කෘතිය රචනා කර තිබෙන අතර එම කෘතියේ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර ඉන් තමන්ට අපහාසයක් සිදුව ඇති බවට ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පැමිණිලි කරමින් කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබුණි.

එම නඩුකරය පවරමින් ප්‍රදීප් නිලංග දෑල මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුව අවසන් වනතෙක් අදාළ කපටි උපාසකයා කෘතිය මුද්‍රණය කිරීම හෝ බෙදාහැරීම මෙන්ම ප්‍රසිද්ධ කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙන කරුණු පිළිබඳ සෑහීමකට පත්වෙමින් අතුරු තහනම් නියෝගය සහ වාරණ ආඥාව නිකුත් කිරීමට කොළඹ දිසා විනිසුරු සදුන් විතාන මහතා පසුගිය ජූලි 17 වැනි දින නියෝග කර ඇත.

කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කේ. ඒ. ධරණිත මහතා විසින් රචිත කපටි උපාසකයා කෘතිය ඔස්සේ තමන් සම්බන්ධයෙන් දක්වා ඇති චෝදනාත්මක කරුණු සියල්ල අසත්‍ය බවට ප්‍රදීප් නිලංග දෑල මහතා අවධාරණය කර සිටියි.

කපටි උපාසකයා කෘතියට අනුව තමන් සම්බන්ධයෙන් නිවැරදි කරුණු නොදන්නා තැනැත්තෙක් එම කෘතිය පරිශිලනය හරහා තමන් දුෂිතයෙක්,ශ්‍රී දළදා මාළිගයේ මුදල් අවභාවිතා කරන්නෙක්, වංචනික පුද්ගලයෙක්, පුරාවස්තු හානි කරන්නෙක්, නිධන් වස්තු කොල්ලකන්නෙක්, බෞද්ධ ජනතාව මුලාකරන්නෙක්, අපරාධකරුවෙක් බවට වැරදි වැටහීමක් ලබා ගන්නා බවද දෑල මහතා සිය පෙත්සම මඟින් පවසයි.

කපටි උපාසකයා කෘතියේ දක්වා තිබෙන දළදා මාළිගාවට අයත් ඉඩම් විකුණා දැමීම,රත්‍රන් බුදු පිළිම අතුරුදහන් කර ඇති බවට සහ සබරගමුව සමන් දේවාලයේ රත්තරන් කිලෝ 38ක් අතුරුදහන් කරවීම,පින්නවල අලි අනාථාගාරයේ ඇත් පැටව් දෙදෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය,මිනිකූපර් රථයක බෆර් සහ හැඩල් රත්‍රන් වලින් සාදාගැනීම යන යන චෝදනා සියල්ල අසත්‍ය අතර එම චෝදනාවන්ට මිට ඉහතදී ද නඩු තීන්දු ලබා දී ඇති අතර ඉන් කිසිවකගෙන් තමන් වරදකරු වී නොමැති බවයි දාල මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම කිසිලෙසකින්වත් තමන් දළදා මාළිගාවට අයත් ඉඩම් විකුණා නොමැති අතර ඊට නීතියෙන්ද ඉඩක් නොමැති බව පැමිණිලිකරු විසින් පැහැදිලි ලෙස දක්වා තිබේ. ඒ අනුව විහාර හා දේවාලගම් පනත අනුව දළදා මාළිගය සතු දේපොළ විකිණීම, උකස් කිරීම හෝ අන්‍ය ආකාරයෙන් වෙනත් අයෙකුට පැවරීම නීතියෙන්ම වළක්වා තිබේ.

කපටි උපාසකයා කෘතිය හරහා තමන්ට අපහාස වන අන්දමින් ද්වේශ සහගත ලෙස එල්ල කර තිබෙන රත්‍රන් බුදු අතුරුදහන් කර ඇති බවට සහ සබරගමුව සමන් දේවාලයේ රත්තරන් කිලෝ 38ක් අතුරුදහන් කරවීම,පින්නවල අලි අනාථාගාරයේ ඇත් පැටව් දෙදෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය,මිනිකූපර් රථයක බෆර් සහ හැඩල් රත්‍රන් වලින් සාදාගැනීම යන චෝදනා සම්බන්ධයෙන්ද තමන් අධිකරණය තුළින්ම නිදහස්ව සිටින බවද දෑල මහතා සිය නඩුකරය මගින් අවධාරණය කර ඇත.

ඒ අනුව විත්තිකරු විසින් කිසිදු කරුණු සොයා බැලීමකින් තොරව ද්වේශ සහගතව තමන්ට අපහාස කිරීමේ චේතනාවෙන් කටයුතු කර ඇති බව දෑල මහතා තවදුරටත් ප්‍රකාශ කර තිබේ. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ එළඹෙන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තෝරාපත්කරගැනීමේ නිලවරණයට තමන් නැවත ඉදිරිපත්වීමට සූදානමින් පසුවීම යැයි දෑල මහතා ප්‍රකාශ කර තිබේ.

කපටි උපාසකයා නම් ඊනියා ග්‍රන්ථය හරහා චේතනාන්විතව තමන්ට අපහස කර තිබෙන අතර එම අසත්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධ වීමට ඉඩ හැරීම හේතුවෙන් සිය චරිතයට, පෞර්ෂ්‍යයට, අවංකභාවයට මෙන්ම ගෞරවාන්විතභාවයට හානි සිදුව ඇති බවද හෙතෙම දක්වයි.

මේ අතර අසත්‍ය තොරතුරු සහිත කපටි උපාසකයා කෘතියේ අන්තර්ගතයන් භාවිතා කරමින් මාධ්‍ය සාකච්ජා පැවැත්වූ ශ්‍රී නිශ්ශංක මායාදුන්න නොහොත් ගල් කන්ද පුරවන්තලාගේ නිශ්ශංක නමැත්තාට එරෙහිවද අතුරු ඉන්ජන්ෂන් තහනම් ආඥාවක් ලබාගෙන ඇති අතර එම නඩුවද තවදුරටත් විභාග වෙමින් පවතින බව දෑල මහතා විසින් සිය පෙත්සම මඟින් පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් මේ වන විට ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුකරයට අදාළව නඩුව කපටි උපාසකය කෘතිය තවදුරටත් ප්‍රසිද්ධ කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි...

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...