බදු පැහැර හැරීම : පියුමි හංසමාලිට සහ විරංජිත් තාඹුගලට නඩු !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

ඒ, 2022 හා 2023 වර්ෂවලට අදාළව රුපියල් මිලියන 95ක් ආදායම් බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙනි.

එසේම අවුරා ලංකා සමාගමේ හිමිකරු වන විරංජිත් තාඹුගලට එරෙහිව ද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ඔහුත් 2022 හා 2023 වර්ෂ දෙකට අදාළව රුපියල් මිලියන 194ක පුද්ගල ආදායම් බද්ද හා අතිරේක ආදායම් බද්ද දඩය හා පොළිය සමග නොගෙවා පැහැර හැර ඇති බවයි දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ.

බදු අපරාධ වැරදිවලට අදාළ විමර්ශනවල ප්‍රගති වාර්තා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ ඊයේ (ජුලි 31) කැඳවූ අවස්ථාවේදී නීතීඥවරයා මේ බව සඳහන් කළේය.

පියුමි හංසමාලි සහ විරංජිත් තාඹුගල යන දෙදෙනාට එරෙහි විමර්ශනවල වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව රජයට හිමි විය යුතු බදු නොගෙවීම මගින් සාවද්‍ය පරිහරණය යන වරද සිදුකර ඇති බවට ඔවුන් දෙදෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවත් නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි...

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...