බදු පැහැර හැරීම : පියුමි හංසමාලිට සහ විරංජිත් තාඹුගලට නඩු !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

ඒ, 2022 හා 2023 වර්ෂවලට අදාළව රුපියල් මිලියන 95ක් ආදායම් බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙනි.

එසේම අවුරා ලංකා සමාගමේ හිමිකරු වන විරංජිත් තාඹුගලට එරෙහිව ද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ඔහුත් 2022 හා 2023 වර්ෂ දෙකට අදාළව රුපියල් මිලියන 194ක පුද්ගල ආදායම් බද්ද හා අතිරේක ආදායම් බද්ද දඩය හා පොළිය සමග නොගෙවා පැහැර හැර ඇති බවයි දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ.

බදු අපරාධ වැරදිවලට අදාළ විමර්ශනවල ප්‍රගති වාර්තා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ ඊයේ (ජුලි 31) කැඳවූ අවස්ථාවේදී නීතීඥවරයා මේ බව සඳහන් කළේය.

පියුමි හංසමාලි සහ විරංජිත් තාඹුගල යන දෙදෙනාට එරෙහි විමර්ශනවල වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව රජයට හිමි විය යුතු බදු නොගෙවීම මගින් සාවද්‍ය පරිහරණය යන වරද සිදුකර ඇති බවට ඔවුන් දෙදෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවත් නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...