ට්‍රම්ප්ගේ තර්ජන නොතකා ඉන්දියාව දිගටම රුසියාවෙන් තෙල් මිලදී ගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන් මොස්කව්හි වෙළඳ හවුල්කරුවන්ට එරෙහිව ලබන සතියේ එක්සත් ජනපදය සම්බාධක පනවන බවට කෙරෙන තර්ජනය නොතකා රුසියාවෙන් දිගටම බොරතෙල් මිලදී ගන්නා බවට ඉන්දියාව සඳහන් කර තිබේ.

ගෙවුණු සතියේදී යුක්රේන යුද්ධය මැඩ පැවැත්වීමට රුසියාව සහය නොදැක්වීම හේතුවෙන් රුසියාවෙන් ආයුධ සහ බලශක්තිය මිලදී ගැනීම වැලැක්වීම සඳහා ඇමරිකාව විසින් සියලුම ඉන්දියානු භාණ්ඩ සඳහා 25% ක තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඉන්දියාව මේ බව නිවේදනය කර ඇත.

මේ සමබන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබුණේ, රුසියානු තෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුවී නොමැති බවත්, රජය විසින් රුසියානු තෙල් මිලදී නොගන්නා ලෙස කිසිදු නියෝගයක් තෙල් සමාගම් වෙත සිදුකර නොමැති බවත්ය.

රුසියාව ඉන්දියාවට තෙල් සපයන ප්‍රමුඛතම සැපයුම්කරු වන අතර, ඉහළ යන පිරිවැයට එරෙහිව තම ජනගහනය ආරක්ෂා කර ගැනීම සඳහා ලාභම සැපයුම් සොයා ගත යුතු බව ඉන්දියාව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...