බැසිල් සහ තිරු නඩේසන් නිදොස්කොට නිදහස් !

0
1944

මල්වාන ප්‍රදේශයේ සුපිරි නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබුණු නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ කෝටිපති ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් මහතාව නිදොස්කොට නිදහස් කර ඇති බව වාර්තා වේ.

ඒ, ගම්පහ මහාධිකරණය විසින් අද (03) ලබාදුන් තීන්දුව අනුව යි.

මෙම සුවිසල් නිවස ඉදිකිරීම තුළින් මුදල් විශුද්ධිකරණයට ලක්කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට සහ තිරු නඩේසන් මහතාට චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබුණු අතර දීර්ඝ කාලයක් තිස්සේ එය විභාගයට ගැනීමෙන් අනතුරුව ගම්පහ පූර්වගාමී මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

මෙම නඩුව ගොනු කර තිබුණු ආකාරයේ සහ ගෙනගිය ආකාරයේ දෝෂ අනුව මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් උද්ගත වනු ඇති බව ලංකා නිව්ස් වෙබ් අපි කලකට පෙර සිටම පෙන්වා දුන් අතර එය මෙම තීන්දුවත් සමග සනාථ වී තිබේ.

කෙසේවෙතත් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

සබැඳි පුවත් –

RN