*
Friday, November 22, 2024
spot_img

Latest Posts

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (හත්වන කොටස)

නිදහසෙන් පසු එක් එක් කාල වකවානු තුළ ලංකාවේ රාජ්‍ය ණය එකතු වූ ප්‍රමාණයත්, දදේනි ඉහළ ගිය ප්‍රමාණයත් පිළිබඳ සැසඳීමක් අපි පෙර කොටසෙහි සිදු කළා. 1990 පමණ වන තුරු රාජ්‍ය ණය ඉහළ ගිය අනුපාතයට දදේනි ඉහළ ගියේ නැහැ. ඒ නිසා, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය දිගින් දිගටම ඉහළ ගියා. සමගි පෙරමුණු ආණ්ඩුව බිඳ වැටී ලංකාවේ දේශපාලනය තුළ ජාතික සමාජවාදය තීරණාත්මක ලෙස පරාජය වුනාට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ තත්ත්වයේ වෙනසක් ඇති වුනා. මේ සැසඳීම තුළම අපට ලංකාවේ ආර්ථිකයේ නිදන්ගත ප්‍රශ්නය වගේම ප්‍රශ්නයට විසඳුමත් හමු වෙනවා.
සාපේක්ෂව පහසුවෙන් විසඳිය හැකි හා අප මේ වියුණුව හරහා තරමක් වැඩිපුර කතා කර තිබෙන ගෙවුම් ශේෂ ප්‍රශ්නය ගැන කතා කරන එක අපි ඉදිරියට තියමු. ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය අද තිබෙන භයානක අඩියට වැටුණේ රාජපක්ෂ දශකය තුළදී. එහෙත්, රාජ්‍ය ණය ප්‍රශ්නය එම කාලයේ ඇති වූ ප්‍රශ්නයක් නෙමෙයි. 2004 වසර අවසාන වන විට එකතු වී තිබුණු රාජ්‍ය ණය ප්‍රමාණයේ අද වටිනාකම රුපියල් බිලියන 11,816ක්. රාජපක්ෂ දශකය තුළ මෙයට එකතු වුනේ තවත් රුපියල් බිලියන 2,880ක් පමණයි. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 24.4%ක්.

ඉහත රාජ්‍ය ණය ඉහළ යාමට සාපේක්ෂව 2004-2014 කාලය තුළ ලංකාවේ දදේනි රුපියල් බිලියන 7,231 සිට රුපියල් බිලියන 13,438 දක්වා 85.8%කින් ඉහළ ගියා. දැන් රුපියල් වලින් (2021 සැප්තැම්බර්) බිලියන 6,207ක වැඩි වීමක්. සමහර අය කියන විදිහට රාජපක්ෂ දශකය තුළ ණය වැඩි වුනත් වත්කම් වැඩි වෙලා නැහැ. එහෙත්, මේ ගණන් අනුව බැලුවොත් ණය වැඩි වූ ප්‍රමාණය මෙන් 215% ගුණයකින් රටේ දදේනි ඉහළ ගොස් තිබෙනවා.

මෙයින් අප කියන්න හදන්නේ ඔය කාලය තුළ හොරකම්, වංචා, දූෂණ කිසිවක් සිදු නොවූ බව නෙමෙයි. යම් හෙයකින් එවැනි දේ සිදු වුනානම් එහිදී වෙන්නේත් කාගේ හෝ ආදායම් ඉහළ යාමක්. ඒ නිසා, එවැනි ආදායම් වුවත් දදේනි තුළ තියෙන්න පුළුවන්. ඒ වගේම, මේ විදිහට මේ කාලය තුළ දදේනි ඉහළ ගියේ එම කාලය තුළ ගත් ණය වල උදවුවෙන් කියන එකත් මෙයින් අදහස් වන්නේ නැහැ. පරණ ණය වලින් කළ ආයෝජන වල ප්‍රතිඵල ලැබුණේ මේ කාලයේ වෙන්න පුළුවන්. අපට පෙන්වන්න අවශ්‍ය කරුණ පෙන්වන්න මේ කිසි දෙයක් ප්‍රශ්නයක් වන්නේ නැහැ.

වැදගත් කරුණ මේකයි. රාජපක්ෂ දශකය තුළ මොන විදිහකින් හෝ අද වටිනාකම අනුව රුපියල් බිලියන 6,207කින් දදේනි ඉහළ ගියා. ඒ කියන්නේ රටේ කාගේ හෝ ආදායම් එපමණකින් ඉහළ ගියා. එහෙත්, ඒ කාලයේ ඉහළ ගිය රාජ්‍ය ණය වල අද වටිනාකම රුපියල් බිලියන 2,880ක් පමණයි. එහෙමනම් වැරැද්ද කුමක්ද?

මෙහි වැරැද්ද රජය ණය වී කළ දේවල් වලින් රටේ ආදායම් ඉහළ යද්දී ඒ ආදායම් රජයේ ආදායම් නොවීමයි. රජයට එළදෙනගේ ඉස්සරහ පැත්ත. කිරි, ගොම ටික රජයෙන් පිට වෙන කාට හරි!

ප්‍රශ්නය තේරුම් ගත්තට පස්සේ පිළිතුරත් පැහැදිලි වෙනවා. කරන්න තියෙන්නේ රජය ණය වී කළ වියදම් වලින් ප්‍රතිලාභ ලැබූ අයගෙන් ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් එකතු කර ගන්න එකයි. තේරෙන බාසාවෙන් කිවුවොත් බදු වැඩි කරන එකයි! යහපාලන ආණ්ඩුව යම් තරමකින් හෝ කරන්න හැදුවේ ඔය වැඩේ.

හැබැයි යහපාලන ආණ්ඩුව බදු අය කරපු ක්‍රමයේත් ප්‍රශ්නයක් තිබුණා. ඔවුන් මේ බදු අය කළේ ණය වල ප්‍රතිලාභ ලැබූ අයගෙන්ම නෙමෙයි. රජය ගත් ණය ආපසු ගෙවීම සඳහා බදු ගෙවීමේ වගකීම තියෙන්නේ අදාළ කාලය තුළ දදේනි ඉහළ යද්දී තමන්ගේ ආදායම වැඩි කරගත් අයටයි. ඒ වගේම, ඒ අයගෙන් බදු අය නොකර, මේ ආණ්ඩුව දැන් කරන ආකාරයට, සල්ලි අච්චු ගසා “උද්ධමන බදු” අය කරද්දී වෙන්නේත් පැත්තක සිටින පිරිසකගේ බඩට වදින එකයි.

ණය ගෙවීම සඳහා බදු අය කළ යුත්තේ ඉහළ ආදායම් ලබන අයගෙනුයි. මෙය ධනවතුන්ගේ දේ උදුරාගෙන දුප්පතුන්ට බෙදන්න කරන සමාජවාදී යෝජනාවක් නෙමෙයි. ණය වල ප්‍රතිලාභ ලබා ගත් අය මත ණය ගෙවීමේ බරද පැටවිය යුතු බවට වන වෙළඳපොළ මූලික අදහසක්. එම බර වෙනත් අය මත පැටවීම සාධාරණ නැහැ. මෙය ප්‍රායෝගිකව කළ හැකි ආකාරය ඉදිරි ලිපියකින් දීර්ඝ ලෙස සාකච්ඡා කරමු.

ආර්ථිකයෙන් දේශපාලනයට ආවොත්, ලංකාව ගොඩ ගැනීම සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් තුළ පෞද්ගලික අංශයට කළ හැකි දේ කිරීමෙන් රජය ඉවත් විය යුතු බව මා පෙර ලිපියක හේතු සහිතව විස්තර කළා. දැන් මා මේ පළමු මූලධර්මයට දෙවන මූලධර්මයක්ද එකතු කරනවා. රජයේ සියලු වියදම් පියවා ගැනීම සඳහාත්, ණය ගෙවීම සඳහාත් අවශ්‍ය අරමුදල් බදු වැඩි කර උපයාගත යුතුයි. එසේ කිරීම සාධාරණ හා නිවැරදි වන්නේ ඇයි කියන එකත් දැන් මා පැහැදිලි කර අවසන්. මේ මූලධර්ම දෙකටම එකඟ නොවන දේශපාලන ව්‍යාපාරයකට ලංකාව ගොඩ දමන්න බැහැ.

රජයේ සියලු වියදම් පියවා ගැනීම සඳහාත්, ණය ගෙවීම සඳහාත් අවශ්‍ය අරමුදල් බදු වැඩි කිරීම හරහා උපයා නොගන්නේනම් එක්කෝ දිගින් දිගටම ණය ගන්න වෙනවා. මෙය කොයි වෙලාවක හෝ අර්බුදයට යන ක්‍රමයක් බව කාට වුවත් පැහැදිලි විය යුතුයි. දෙවන ක්‍රමය සල්ලි අච්චු ගැසීමයි. එහි ප්‍රතිඵලද නැවත නැවත විස්තර කළ යුතු නැහැ. රජයේ සියලු වියදම් පියවා ගැනීම සඳහාත්, ණය ගෙවීම සඳහාත් මේ විකල්ප හැර වෙනත් කවර හෝ විකල්පයක් කවරෙකු හෝ සතුව තිබේද?

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan