රාජ්‍ය සේවකයින් විදෙස් රැකියා සඳහා යැවීම ගැන ඇමති සහ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක්

Date:

පවතින විදේශ විනිමය අර්බුදයට පිළියම් වශයෙන් රාජ්‍ය සේවකයින් විදෙස් රැකියා සඳහා පිටත්කර යැවීම සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (03) පැවැත්වී තිබේ.

රාජ්‍ය සේවකයින්ගේ ජ්‍යෙෂ්ඨත්වයට බල නොපාන පරිදි, ඔවුන්ට විදේශ රැකියාවක නිරතවීමේ අවස්ථාව ලබාදෙන ලෙසට වෘත්තීය සමිති ඉල්ලා සිටි අතර, රාජ්‍ය සේවයේ සිටින අතිරික්ත සේවකයින් විදේශ රැකියා සදහා පිටත්කර යැවීමේ වැදගත්කම ගැන මෙහිදී අවධානය යොමුකර ඇති බව සඳහන්.

මෙහිදී ලංකා ගමනාගමන මණ්ඩලයේ, වරායේ වෘත්තීය සමිති නියෝජිතයින් සදහන් කර ඇත්තේ තාක්ෂණික අංශයේ අතිරික්ත සේවකයින්ට විදේශ රැකියාවක නිරතවීමට අවස්ථාව ලබාදෙන්නේ නම් භාණ්ඩාගාරය දැරීමට සිදුවන බර අඩු කිරීමට හැකියාව ලැබෙන බවය. එසේම ගමනාගමන මණ්ඩලය, මහපොළ තාක්ෂණික පුහුණු ආයතනය වැනි ආයතනවලින් පුහුණුව ලැබූ පුහුණු ශ්‍රමිකයින් විදේශ ගත කිරීම ගැනත් මෙහිදී අවධානය යොමු කර ඇත.

ඒ අනුව විදේශ රැකියා අවස්ථාවන් ලබාදිය හැකි රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වන වෘත්තීය සමිතිවල යෝජනා කැදවීමටද පියවර ගනිමින් සිටින බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...