ඇසළ පෙරහැර මංගල්‍යෙයේ තෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ දී වීදි සංචාරය කරයි!

Date:

නදීක දයා බණ්ඩාර

අගෝස්තු 06, මහනුවර (LNW): ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ තෙවන රන්දෝලි පෙරහැර අද (06) රාත්‍රී වීදි සංචරයට එක්වේ.
දළදා පෙරහැර වීදි සංචාරයට එක්වීමට නියමිතව ඇත්තේ රාත්‍රී හත පසුවී මිනිත්තු හයට යෙදෙන සුබ මොහොතිනි.

දළදා වීදියෙන් ගමන් අරඹන පෙරහැර කොටුගොඩැල්ල වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, කුමාර වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් විත් ඉහළට ගෙවැදීමට නියමිතය.

ඊයේ දෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කළ අතර සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා ඇතු විසිනි.
ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා පෙරහැර ගමනට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...