විස්සයි විස්ස දළකාරයින් හැප්පෙන SLC T20 ලීග් 2025 නැරඹීම ජනතාවට නොමිළේ ඉඩ

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW:

අගෝස්තු 7, 8, 10, 11, 13 සහ 14 යන දිනවල පැවැත්වෙන අතර අවසන් මහා තරඟය 16 වන දින පැවත්වෙන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කර ඇති,එස්එස්සී පිටිය කෙන්ද්‍ර කරගෙන පැවත්වෙන SLC T20 ලීග් 2025 තරගාවලිය නැරඹීමට මහජනතාවට නොමිලේ අවස්ථාව සළසා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇත.

මෙම පියවර මගින් රසිකයින්ට ජාතික මට්ටමේ තරු පංතියේ ක්‍රීඩකයින් සහ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම මට්ටමේ නැගී එන දක්ෂ ක්‍රීඩකයින් තරඟ කරන ආකාරය නැරඹීමට හැකි වේ.

කණ්ඩායම් තුනකින් යුත් තරඟාවලියේ බ්ලූ,ග්‍රීන් සහ ග්‍රේ කණ්ඩායම් අතර තරඟ SSC හිදී පැවැත්වෙන අතර එම සියලුම තරඟ පස්වරු 13:30 ට ආරම්භ වේ. තරගාවලියේ පළමු තරඟය අගෝස්තු 7 වන දා ‘බ්ලූස්’ සහ ‘ග්‍රීන්ස්’ අතර පැවැත්වේ.

තරග පැවත්වෙන සෑම දිනකම මහජනතාවට වෙනුවෙන් SSC හි ගේට්ටු දහවල් 12.30 සිට විවෘතව පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොඳ වෙලාවට අපේ කාදිනල්තුමා පාප් වුණේ නෑ. නැත්නම් මේකත් වතිකානුවක් වෙනවා – චාමර සම්පත්

හිටපු පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්ට, පූජිත් ජයසුන්දරට මෙන්න ජ්‍යේෂ්ඨ...

මහරගම, නාවින්නේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහරගම, නාවින්න බස් නැවතුම්පොල ඉදිරිපිටදී ඊයේ...

Wanderlust Wednesday: මහනුවර ප්‍රෞඩත්වය! (Kandy, Sri Lanka)

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

වීදි කලාවෙන් ඔබ්බට යමක් අදත්!

සටහන – පුලී අගෝස්තු 06, කොළඹ (LNW): නෝර්වේ හි නාගරික...