ඉන්දීය අගමැති පිළිගන්න චීනය සූදානමින්

Date:

කොළඹ LNW:මෙම වසරේ අගෝස්තු 31 සිට සැප්තැම්බර් 01 දක්වා චීනයේ ටියැන්ජින් නගරයේදී ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) නායක සමුළුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහි සියලු සාමාජිකයින් වන 20කට වැඩි රටවල නායකයින් සහ ජාත්‍යන්තර සංවිධාන 10ක ප්‍රධානීන් ද මෙවර සමුළුවට සහභාගී වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (08) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

ඉන්දීය අග්‍රාමාත්‍ය Narendra Modi මහතා ද ආරාධනයකට අනුව, එම සමුළුවට එක් වී චීනයේ නිල සංචාරයක නිරත වේද යන්න එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා.

මෙවර SCO හි ටියැන්ජින් සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අගමැති Narendra Modi මහතා චීනයට පැමිණීමට නියමිත බවත් ඔහුව සාදරයෙන් පිළිගන්නා බවත් Guo Jiakun මහතා ඊට පිළිතුරු දෙමින් පැවසුවා. මෙවර ටියැන්ජින් නායක සමුළුව, ෂැංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කිරීමෙන් පසු පැවැත්වෙන විශාලතම සමුළුව වනු ඇතැයි ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සදහන් කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර...

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...

මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW: දේශීය ක්‍රිකට් සඳහා මිලියන...