හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අත් අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (07) රාත්‍රියේ එහිමි වැඩවසන රාජගිරියේ සදහම් සෙවණ අසපුව වෙත ගොස් ඇතත් එහිමියන් එහි රැඳී සිට නොමැති බව වාර්තා වේ.
එහිමියන් සිය ජංගම දුරකථනය පවා අක්‍රිය කරගෙන සැඟව සිටින බව සඳහන්.
අතුරලියේ රතන හිමියන්ව අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සොයන්නේ 2020 වසරේදී “අපේ ජනබල පක්ෂයේ” මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන්ව පැහැරගෙන ගොස් උන්වහන්සේට තර්ජනය කර බියවද්දා එම පක්ෂය ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බලහත්කාරයෙන් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
මෙම සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ හිටපු ජ්‍යේෂ්ඨ දේශපාලනඥයකු පිළිබඳව ද විමර්ශන සිදුකෙරෙන බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.
