රුමේෂ්ගේ හෙල්ල පෙන්නන එල්ලය

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 11, කොළඹ LNW:

පිරිමි හෙල්ල වීසි කිරීමේ තරගයේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරන්නට රුමේෂ් තරංගට හැකි වුණා.මේ වාර්තාගත දස්කම සමඟ ආසියාවේ පමණක් නොව ලෝකයේ ද හෙල්ල වීසිකිරීමේ විශිෂ්ඨයන්ගේ භූමියක් බවට පත්ව තිබෙන ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයට අයත් භුබනේස්වර් හී පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලෝකඩ වර්ණලාභි ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලියේ රන් පදක්කමද ශ්‍රී ලංකාවට දිනා දෙන්නට රුමේෂ් තරංග සමත් වුණා.


රුමේෂ් මේම තරගයේදී දක්වන ලද දක්ෂතාවය මීටර් 86.50 ක්.එම දස්කම සමඟම ඔහු ටෝකියෝ හී පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට ද සුදුසුකම් ලබා ගන්නට සමත් වෙනවා.එසේම මීටර් 86.50 ක දක්ෂතාවය සමඟ රුමේෂ් විසින් සුමේධ රණසිංහ සතුව පැවති මීටර් 85.78 ක දක්ෂතාවය අභිබවා යාමට සමත් වුණත් සුමේධ මේ තරගයේ දී ‍මීටර් 80.65 ක දක්ෂතාවයක් දක්වනවා.


මේ සුමේධ සහ රුමේෂ් අතර ජාතික වාර්තාව හුවමාරු වන සිව්වන අවස්ථාවයි.සුමේධ සතුව පැවති මීටර් 83.04 ක දක්ෂතාවය අභිබවා රුමේස් පළමුවරට ජාතික වාර්තාව දිනා ගන්නේ 2024 ජූනි 15 දා.එහිදී රුමේෂ්ගේ දක්ෂතාවය වූයේ මීටර් 85.45 ක්.ඒ මොහොතේ එම දස්කම ඔහුට පැරිස් ඔලිම්පික් උළෙලට සෘජු සුදුසුකම් ලැබීමට තිබුණ අවස්ථාව අහිමි කරන්නේ සෙ.මී.05 ක් දක්ෂතාවයකින්.ජාතික මලල ක්‍රීඩා බලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යංශය ජාතික තේරීම් කමිටුව රුමේෂ්ව හඳුනාගෙන සිටියානම් ඔහුට ඊට පෙර ජාත්‍යන්තර තරග ලබා දී ඔලිම්පික් සුදුසුකම් ලැබිය හැකි තත්ත්වයක් සකස් කරන්නට තිබුණා.මේ දුර්වලකම තතමයි ලංකාවේ ක්‍රීඩාවේ දකින්න ලැබෙන ඉහළම අර්බූදය.දක්ෂතා හදුනාගෙනන වර්ධනය කරන්න පසුබිමක් නැති අතර දක්ෂතාවය දක්වන තෙක් ඇහැක් ඇර බලන්නට ක්‍රමයක් නැත.


කෙසේ වුවත් ඉනික්බිති 2025 මාර්තු 09 වන දා සුමේධ මීටර් 85.78 ක දක්ෂතාවයක් දක්වමින් නැවතත් ජාතික වාර්තාව තමන් සතු කර ගන්නවා.රුමේෂ් මේ බිඳ දමන්නේ එම වාර්තාවයි.රට පුරා ඇති වී තිබෙන මේ හෙල්ල වීසි කිරීමේ ප්‍රවනතාවය නිසා දැනට ඉතා වේගයේන් මීටර් 80 සීමාවට ළගා වෙමින් තිබෙන ක්‍රීඩකයින් පොකුරක් හැඳෙමින් පවතිනවා.මේ දස්කම නිසාම සුමේධ සහ රුමේෂ් ජපානයේ ටෝකියෝ නුවර පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනවා.


දැන් රුමේෂ්ගේ දස්කම සමඟ 34 හැවිරිදි සුමේධ අමතක කර දමන්නටත් ඉඩ තිබෙනවා.ලංකාවේ ක්‍රීඩා බලධාරීන් කියන්නේ එවැනි කොටසකටයි.එසේම මේ දෙදෙනාගේ පහළින් සිටින නැඟෙමින් පවතින අලුත් ප්‍රවනතාවයන් හඳුනාගෙන ඔවුන් වර්ධනය කරන්නට ඔවුන්ගේ පුහුණුකරුවන්ගේ දැණුම වර්ධනය කරන්නට වැඩ පිළිවෙලක් සිතන්නට අවශ්‍යය පරිපාලනයක් ද අවශ්‍යය කර තිබෙනවා.දිනන්න බැරිනම් යවලා මොකටද කියන සංකල්පය වෙනුවට දිනන මට්ටමට හදන්න යැවිය යුතුය කියන තැනට සිතුවිලි කැරකෙන පරිසරයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා.


ලංකාවේ හල්ල දැන් තිබෙන්නේ ලෝක මට්ටමට ළඟා වෙමින්.ලෝක මට්ටම ජයගත හැකි තරමට වර්ධනය වෙමින්.මේ ස්වර්ණමය මොහොතෙ රුමේෂ්,සුමේධ වගේම ඊට පසුපසින් සිටින හේල් වීසි කිරීමේ ක්‍රීඩකයෝද සුරකින වැඩ පිළිවෙලක් ජාතික හෙල්ල වීසි කිරීමේ සංචිතයක් සකසා ගන්න හැකිනම් වැදගත් වෙනවා.මීට පෙර ලෝක මලල ක්‍රීඩා සංගමයම ලංකාවේ හෙල්ල වීසි කිරීම වෙනම දියුණු කිරීමට ආධාර දීමට ඉදිරිපත් වුණා.එවකට සභාපතිව සිටියේත් වත්මන් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා වන සුගත් තිලකරත්නයි.ඒ නිසා මේ සුවිශේෂත්වය ඔහු දන්නවා.වර්ථමානයේ පත්වීමට නියමිත මලල ක්‍රීඩා පරිපාලනය කුමක් වුවත් සුගත්ට මේ කාරණය ප්‍රධාන කරගෙන ජාතික සැළසුමක් සකස් කරන්නට මඟ පෙන්විය හැකියි.


දැනට සිටින හෙල්ල වීසි කිරීමේ දක්ෂයන් ශ්‍රේණිගත කිරීම,ඒ දක්ෂයන්ගේ පුහුණුකරුවන්ට අවශ්‍යය දැණුම යාවත්කාලීන කිරීම සඳහා විශේෂ පුහුණකරුවෙකු කැඳවා ජාතික ක්‍රීඩා විද්‍යායතනය හරහාම වුවත් මේ කාරණය සිඳු කළ හැකියි.එසේම වැඩි තරග අවස්ථා සොයා බැලීමට ක්‍රියා කළ යුතුයි.තවමත් 22 හැවිරිදි රුමේෂ් වැනි ක්‍රීඩකයෙකු ඉහළ අධ්‍යාපනය සඳහා ද ඉලක්ක කර ගනිමින් විදේශීය පොළවක රැඳවීමත් වැදගත්.විශේෂයෙන් ලෝකය ජයගත යුතුයි ලෝකයට තව දුරටත් විවර විය යුතුයි කියන තැනෙක සිටින පුහුණුකරුවෙකු ලෙස ටෝනි ප්‍රසන්න ඒ වෙනුවෙන් ආශිර්වාද කරන්න මැලි නොවන බවත් විශ්වාසයි.ඡායාරූපයේ සිටින්න සිටින්නේ රුමේෂ් සහ පුහුණුකරු ටෝනි ප්‍රසන්නයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක්  ජනාධිපති කාර්යාලයේදී!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: අද (11) පෙරවරුවේදී ජනාධිපති...

එකඟතා ක්‍රියාත්මක නොවීම ගැන GMOA වෙතින් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා!

කොළඹ LNW:වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ සිදුව ඇති අක්‍රමිකතා නිවැරදි...