කොළ පාටට තව දුරටත් කොළ එළිය

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 11, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රීකට් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම විස්සයි විස්ස ක්‍රීඩකයින්ගේන සැදුම්ලත් විස්සයි විස්සේ තරගාවලියට අයත් ‍ග්‍රීන් කණ්ඩායම සහ ග්‍රේ කණ්ඩායම අතර පැවති තරගයෙන් ග්‍රීන් කණ්ඩායම කඩුලු 5 ක් ජයක් අත් කර ගන්නට සමත් වුණා.ඒ අනුව මේ වන විට තරගාවලියේ අපරාජිත කණ්ඩායම බවට ග්‍රීන් කණ්ඩායම පත්ව තිබෙනවා.


ග්‍රීන් කණ්ඩායමේ පළමු තරගයේ ජයග්‍රහණයට පිත්තෙන් සහ පන්දුවෙන් මඟ පෙන් වූ ක්‍රීඩකයා වූ චාමික කරුණාරත්න මේ තරගයේදී එක් පන්දු ඕවරයක් පමණක් වයමින් ලකුණු 8 ක් ලබා දුන් පසු නැවත පන්දු යැවීමට කැඳවූයේ නැහැ.ආරම්භක පන්දු යැවීම සඳහා කැඳවා තිබූ නුවන් තුෂාර සහ දඟ පන්දු යවන්නන් වන ට්‍රෙවීන් මැතිව්ස්,දුෂාන් හේමන්ත සහ නායක කමිඳු මෙණ්ඩිස් පන්දු ඕවර් 4 යවමින් දඟ පන්දු යැවීමෙන් ප්‍රතිවාදීන් තුළ පීඩනය ඇති කිරීමට මූලිකත්වය ලබා දුන් බව පෙනෙන්නට තිබුණා.නුවන් තුෂාර ලකුණු 42 ට කඩුලු 2 ක් ලබා ගත් අතර කමිඳු මෙණ්ඩිස් ලකුණු 24 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වුණා.දුෂ්මන්ත චමීර පන්දු ඕවර් 3 ක් යවමින් ලකුණු 31 ක් ලබා දුන්න ද කඩුලු ලබා ගන්නට සමත් වුණේ නැහැ.


පළමුව පන්දුවට පහර දුන් ග්‍රීන් කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුනු 52 ක් ලබා ගත් අතර පළමු තරගයේ ජයග්‍රාහී ඉණිම ගොඩ නැඟූ නුවනිඳු ප්‍රනාන්දු අවාසනාවන්ත ලෙස ලකුණු 18 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා.සිය පන්දු ඕවර් 20 ලකුණු 163 ට කඩුලු 6 ක් දැවී නිමා කළ ග්‍රේ කණ්ඩායම ග්‍රින් කණ්ඩායමට ලකුනු 164 ක ඉලක්කයක් ලබා දුන්නා.


එම ඉලක්කයට 18 වන පන්දු ඒවරයේ පළමු පන්දුවේදී ළඟා වන්නට සමත් වූ ග්‍රීන් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු කමිල් මිෂාර ලකුණු 52 ක් පන්දු 34 න් රැස් කර දෙන්නට සමත් වුණා.විශේෂයෙන් දෙවන කඩුල්ල වෙනුවෙන් භානුක රාජපක්ෂ (38) සමග ලකුනු 58 ක සබඳතාවයක් ද,තෙවන කඩුල්ලට නොදැවී ලකුණු 36 ක් රැස් කළ සදීර සමරවික්‍රම සමඟ යළිත් ලකුණු 55 ක සබඳතාවයක් ද පැවත් වූ කමිල් මිෂාර ග්‍රීන් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් එසැවුණ නැංගුරම බවට පත් වුණා.පළමු තරගයේ ජයග්‍රහණයට මඟ පෙන් වූ චාමික කරුණාරත්න පන්දු දෙකකට පමණක් මුහුණ දුන් අතර ඔහු මුහුණ දුන් දෙවන පන්දුවට මහේෂ් තීක්ෂණට එල්ල කළ හයේ පහරින් ග්‍රීන් කණ්ඩායමේ ලකුණු පූවරුව කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් බවට පත් කළා.
ඡායාරූපයේ දැක්වෙන්නේ කමිල් මිෂාරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...