නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම කල්යයි!

Date:

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කරන ඒකාබද්ධ විශ්වාසභංග යෝජනාව භාරදීම හෙට (12) දක්වා කල් දමා තිබේ.

ඒ අනුව හෙට දහවල් මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයේදී කථානායකවරයාට භාර දීමට නියමිත බව සඳහන්.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද දිනයේ කථානායකවරයා වෙත භාර දීමට නියමිතව තිබුණද අද දිනයේ කතානායකවරයා පොළොන්නරුව ප්‍රදේශයේ කිසියම් කටයුත්තක් සඳහා සහභාගි වී ඇති හෙයින් විශ්වාසභංග යෝජනාව භාරගැනීම හෙට දිනයේ සිදුකරන බවට දැනුම් දී ඇත.

2018 ව්‍යවස්ථා අර්බුදය අතරතුර නැගෙනහිර පළාත් ආඥාපති ලෙස ජයසේකර පත් කිරීම (එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සහ එවක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ද සඳහන් කරමින්), පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඇති වූ සයින්දමරුදු පිපිරීමේදී අණදෙන නිලධාරියා ලෙස ඔහු එම පළාතේ සිටීම, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සහ ඇතැම් විට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔහුගේ භූමිකාවන් සහ ඔහු දැන් හමුදාව ක්‍රියාත්මක වන ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සේවය කරන බැවින් ඔහුගේ වත්මන් තනතුර හමුදා නිලධාරීන් සාක්ෂි දීමෙන් වළක්වා ගත හැකි බවට ඇති කණස්සල්ල වැනි හේතු මත නියෝජ්‍ය අමාත්‍ය ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සඳහන් කර තිබුණි.

ඒ අනුවයි එම විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදීමට නියමිතව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ද අදහස් දක්වමින් පවසා තිබුණේ ද විමර්ශන මෙහෙයවනු ලබන්නේ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බවත් ඒවා වෙනත් අමාත්‍යාංශයක් (මහජන ආරක්ෂාව) යටතේ පැවතිය ද අරුණ ජයසේකර මහතාගේ වත්මන් භූමිකාව තවමත් විමර්ශන සඳහා බලපෑමක් ඇති කළ හැකි බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...