දෙහිවල මුහුදේ කරදිය කිඹුලකුට හසුවූ පුද්ගලයකු මියයයි! (VIDEO)

අද (03) දින දෙහිවල ප්‍රදේශයේ මුහුදු සීමාවේ කිමිඳුම් කරමින් සිටි පුද්ගලයකු කිඹුලකුට හසුව මිය ගිය බවට වාර්තා වෙයි.

මරණයට පත්ව ඇත්තේ 52 හැවිරිදි තිදරු පියෙකු වන අතර, දෙහිවල මුහුදේ කිමිඳුම් කරමින් සිටියදී කිඹුලකුගේ ප්‍රහාරයට ලක්ව ඇති බවට පොලීසිය පවසයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.

ප්‍රහාරය දියත් කර තිබෙන්නේ කරදිය කිඹුලකු විසින් වන අතර, මේ වන විට අත්තිඩිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම සත්ත්වයා ඇල්ලීම සඳහා සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති බවට වාර්තා වෙයි.

ප්‍රහාරය එල්ල කළ කිඹුලා අඩි 14ක් පමණ දිගැති සත්ත්වයකු බවයි සිදුවීම ඇසින් දුටුවන් පැවසූයේ.

කිඹුල් ප්‍රහාරයෙන් මරණයට පත් පුද්ගලයා සමඟ කිමිදුම්කරුවන් කිහිපදෙනෙකුම මුහුදු සීමාවේ සිට ඇති අතර, ප්‍රහාරය සිදුවූ මොහොතේ අනෙකුත් කිමිඳුම්කරුවන් ඔවුන් රැගෙන ආ බෝට්ටුව වෙත ඔසවා තබා ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට අසල ධීවරයන් සමත්ව ඇත.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේදී 1,000cc ට වැඩි යතුරුපැදි ධාවනය ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: 1000cc (කියුබික් සෙන්ටිමීටර) ඉක්මවන...

අගමැති හරිනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ජා රැසක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද...

Litro වෙතින් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: තවත් ගෑස් තොගයක් ඊයේ(03)...

ඇමරිකාවේ ඕනෑම ප්‍රහාරයකට එරෙහි “උපරිම වැළැක්වීමේ” සැලස්ම සූදානම් – ඉරානයෙන් යළි අනතුරු ඇඟවීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එක්සත් ජනපදයේ ඕනෑම නව ප්‍රහාරයකට එරෙහිව "උපරිම...