දුරගමන් සේවා බස් රථ සහ පෞද්ගලික බස්රථ සඳහා AI කැමරා පද්ධති!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 13, කොළඹ LNW :

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුරගමන් සේවා බස් රථ සහ පෞද්ගලික බස්රථ සඳහා AI කැමරා පද්ධති හතළිහක් සවිකෙරන නියමු ව්‍යාපෘතිය ඊයේ (12) කතරගම ඩිපෝවේදී ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

පෞද්ගලික අංශය මැදිහත්වීමෙන් දුර ගමන් බස් රථවල අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
මෙම කැමරා පද්ධතිම මගින් රියදුරුගේ හැසිරීම නිරීක්‍ෂණය කර රියදුරු දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතර රියදුරුගේ වෙහෙසකාරී තත්ත්ව සහ නින්දයාම, ඇස් පියවීම ආදිය නිරීක්ෂණයට නව කැමරා පද්ධතියට හැකියාව තිබේ. ඊට අමතරව මාර්ග නීති පිළිපැදීම සහ බඳ පටි පැළඳ සිටීම ආදිය නිරීක්ෂණය කර රියදුරන් වෙත සංඥා නිකුත් කිරීමද මෙම පද්ධතිය මගින් සිදු කෙරේ.

එසේම කතරගම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවටද අමාත්‍යවරයා සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...