දුරගමන් සේවා බස් රථ සහ පෞද්ගලික බස්රථ සඳහා AI කැමරා පද්ධති!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 13, කොළඹ LNW :

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුරගමන් සේවා බස් රථ සහ පෞද්ගලික බස්රථ සඳහා AI කැමරා පද්ධති හතළිහක් සවිකෙරන නියමු ව්‍යාපෘතිය ඊයේ (12) කතරගම ඩිපෝවේදී ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

පෞද්ගලික අංශය මැදිහත්වීමෙන් දුර ගමන් බස් රථවල අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
මෙම කැමරා පද්ධතිම මගින් රියදුරුගේ හැසිරීම නිරීක්‍ෂණය කර රියදුරු දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතර රියදුරුගේ වෙහෙසකාරී තත්ත්ව සහ නින්දයාම, ඇස් පියවීම ආදිය නිරීක්ෂණයට නව කැමරා පද්ධතියට හැකියාව තිබේ. ඊට අමතරව මාර්ග නීති පිළිපැදීම සහ බඳ පටි පැළඳ සිටීම ආදිය නිරීක්ෂණය කර රියදුරන් වෙත සංඥා නිකුත් කිරීමද මෙම පද්ධතිය මගින් සිදු කෙරේ.

එසේම කතරගම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවටද අමාත්‍යවරයා සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

91 පසු කරන රැජිනියන්ට මේක එතරම් හොඳ කාලයක් නම් නෙවෙයි!

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  අනූඑක් වන වියට...

අංක එකේ ධම්මික පෙරේරාට සුබ උපන් දිනයක් !

ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වශයෙන් සැලකෙන ධම්මික පෙරේරා...

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයන් නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2022 මැතිවරණ...

මර්වින් සිල්වා, ලොහාන් රත්වත්තේ විතරක් නෙවෙයි තිස්ස කුට්ටිආරච්චි වගේ අයත් මේ ආණ්ඩුවෙන් බලාගන්න පුළුවන් – මරික්කාර්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නීතිගරුකව,යුක්තිගරුකව රට පාලනය කරන බව පැවසුවද මර්වින්...