රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW :

අද දිනය තුළ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුවට යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අද දිනයේ විධායක සභා රැස්වීමක් ද කැඳවීමට නියමිත බව, එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේය.


කෙසේවෙතත් මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට ආණ්ඩුවේ මැදිහත් වීම සාධනීය තත්ත්වය පවතින බවට මෙහිදී ප්‍රකාශ කෙරුණු අතර, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළුව මුල්කර ගනිමින් ඉකුත් සඳුදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මීට පෙර තීරණය කර තිබුණි. එහෙත් ගැටලුව විසඳීමට අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත එය කල් දැමීමට පසුව තීරණය කෙරුණු බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...