දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර දී!

Date:

කොළඹ LNW:සංචාරක ආරක්ෂණය සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර නගරය කේන්ද්‍ර කොට ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කොට ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා පැවසීය.

මහනුවර දළඳා වීදිය සහ කොටුගොඩැල්ල වීදිය ආවරණය වන පරිදි අගොස්තු මස 16, 23 සහ 30 යන දිනවල එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය, මහනුවර මහ නගර සභාව, කලාපීය ආර්ථික සහයෝගීතා ආයතනය, මධ්‍යම පළාත් සංචාරක ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව, මහනුවර පොලීසිය, ප්‍රවාහන අංශ ඇතුලු ආයතන රැසක සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව ආණ්ඩුකාර කාර්යාලයේදී අද ( 13) පැවැති මාධ්‍ය හමුවේදී ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේය.

ඒ අනුව සෑම සෙනසුරාදා දිනයකදීම රාත්‍රී 07.00 සිට රාත්‍රී 12.00 දක්වා මෙම වෙළඳපොල ක්‍රියාත්මක වන බවත් මහනුවර පැමිණෙන විදේශීය සංචාරකයන් තවත් එක් දිනයක් මහනුවර රඳවා ගැනීම එහි එක් අරමුණක් යැයි ද ඒ මහතා සඳහන් කළේය. විදේශීය සංචාරකයන් සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කොට ඇතැයි කී ඒ මහතා ඉහළ ප්‍රමිතියෙන් යුක්තව සකස් කළ දේශීය ආහාර, ක්‍රීඩා අංග, අත්කම් භාණ්ඩ ප්‍රදර්ශන හා අලෙවි සැල්, සංගීත ප්‍රසංගයක් සහ මධ්‍යම රාත්‍රිය තෙක් ප්‍රවාහන පහසුකම් ආදියෙන් මෙම රාත්‍රී වෙළඳ පොල සමන්විත යැයි ද ඒ මහතා සඳහන් කළේය.

පළමු දිනයේදී ව්‍යාපාරික ස්ථාන 50ක පිරිසක් සහභාගීවන බවත් ඔවුන්ට ව්‍යාපාරික කුටි නියමු ව්‍යාපෘතිය යටතේ නොමිලේ ලබා දෙන බව ද ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා තව දුරටත් පැවසුවේය.

මහනුවර මහ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර, මධ්‍යම පළාත් ව්‍යවසාය මණ්ඩලයේ ලේකම් එම්.වයි.ඒ.අහමඩ් යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්විය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...