ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(15)දිනයේදී ඇලස්කාවේ ඇන්කරේජ් හි එල්මෙන්ඩෝෆ්-රිචඩ්සන් ඒකාබද්ධ කඳවුරේදී හමුවිය.

රාජ්‍ය නායකයන් දෙදෙනා අතර පැය 3කට අධික කාලයක් පුරා පැවති සාකච්ජා වලින් අනතුරුව සාකච්ඡාවල ප්‍රගතියක් ඇති බව ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබු අතර යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සාකච්ඡාවලින් බැහැර කර තිබිණි.

යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකාවේ මැදිහත්වීම ඉතා ඉහලින් අගය කරමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මීළඟ සාකච්ජා මොස්කවූහිදී පැවැත්වීමට ජනාධිපති ට්‍රම්ප්ට ආරාධනා කර තිබු අතර යුක්රේන යුද්ධයට තිත තැබීමට තමා අවංකවම උනන්දු බව පුටින් ප්‍රකාශ කර ඇති මුත් මාධ්‍ය වෙත කිසිදු විස්තරයක් ලබා දී නොමැත.

මොස්කව් සටන් විරාමයක් සඳහා කරන ලද ඉල්ලීම් නොසලකා හැරියහොත් තවත් සම්බාධක පනවන බවට ජනාධිපති ට්‍රම්ප් පසුගිය සතියේ ප්‍රකාශ කර තිබූ අතර ඔහු අද(16)දිනයේ ෆොක්ස් නිවුස් හා සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබුණේ, රුසියානු තෙල් ගැනුම්කරුවන් සඳහා වන තීරුබදු ගැන දැන්ම නොසිතන බවත්, සති දෙක තුනකින් රුසියානු තෙල් මිලදී ගන්නා රටවල් ගැන සිතීමට නැවත පැමිණෙන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...