පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වයන් හේතුවෙන් 194 දෙනෙකු මියගොස් 35 දෙනෙකු අතුරුදන්ව ඇති බව එරට ආපදා අධිකාරිය තහවුරු කර තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බලධාරීන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර බොහෝ මරණ, එනම් මරණ 180 ක් වයඹදිග පකිස්ථානයේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතේ වාර්තා වී ඇති අතර, තවත් පස් දෙනෙකු ගිල්ගිට්-බෝල්ටිස්තානයේ උතුරු ප්‍රදේශයේ සහ නව දෙනෙකු පකිස්ථාන පරිපාලන කාශ්මීර කොටසේ මිය ගොස් ඇති බව එහි සඳහන් වේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වන අතර විශාල පිරිසක් අවධානම් ප්‍රදේශ වලින් ඉවත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...

සිරගත කෙරෙන භික්ෂූන් වෙනුවෙන් නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර – PMD

සිරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි...

අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ගංජා සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 'හදිසි...

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...