අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW:

ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා සම්බන්ධයෙන් ආයතන මට්ටමින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, අනාවරණය වන තොරතුරු මත ඉදිරි පියවර ගන්නා බවත්, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පැවසීය.

ඊයේ (16) දින මිනුවන්ගොඩ පොලීසිය විසින් එලෙස අත් අඩංගුවට ගනු ලැබුවේ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ හිටපු ශාඛා සභාපති සහ කටුනායක ගුවන්තොටුපලේ ආරක්ෂක නිලධාරියෙකු වන චන්දිම ජයරත්න නැමැත්තා හෙවත් ගැස්මායි.

ලැබුණු තොරතුරක් මත කළ පරීක්ෂාවකදි චන්දිම ජයරත්න හෙවත් ගැස්මාගේ නිවසක මල්ලක බහා තිබියදී ටි 56 ගිනි අවියක්, එම අවියට භාවිතා කරන මැගසින් එකක්, මිලිමිටර් දෙකයි දශම දෙකේ පිස්තෝලයක්, ටි 56 උණ්ඩ 14 ක්, මීලිමිටර් 9 වර්ගයේ පිස්තෝල සදහා භාවිත කරන උණ්ඩ 06 ක්, මිලීමිටර් දෙකයි දශම දෙකේ උණ්ඩ 09 ක් ,පිස්තෝල හා රිවෝල්වර වර්ගයේ ගිනි අවි ආකෘති 02ක්, කඩු 03 ක් සහ කිනිසි 02 ක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේ ය.  

සැකකරු අත්අඩංගුවට ගත් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...