ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

Date:

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 300කට වගකීම පවරා තිබේ.

ඊයේ (16) දිනයේදී එම මන්ත්‍රීවරුන්ට පැවති වැඩමුළුවකදී එම වගකීම පවරූ බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ.

වත්මන් ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙලක් නොමැති බවත් ඒ පිළිබඳව ජනතාව පුළුල් ලෙස දැනුවත් කිරීමේ වගකීම එම මන්ත්‍රීවරුන්ට පවරා ඇති අතර පළාත් පාලන ආයතනවලදී ජනතාව වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදී දැනුවත් කර ඇත.

හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර,සුසිල් ප්‍රේමජයන්ත,ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් ඊට සහභාගී වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලස්ථානයේ දී එම වැඩමුළුව පවත්වා තිබේ.

මේ අතර සමඟි ජන බලවේගයේ සහ සමඟි ජන සන්ධානයේ නියෝජිතයින් පිරිසක්ද හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නාරාහේන්පිට පිහිටි නිවසේදී පසුගිය 14 වැනිදා පස්වරුවේ සාකච්ජාවක් පවත්වා තිබුණි.

මීට පෙර අවස්ථා කිහිපයකදී එම හමුව පවත්වා තිබුණු අතර විපක්ෂයේ කණ්ඩායම් අතර එකඟතාවක් ඇති කර ගැනීම වෙනුවෙන් එලෙස සාකච්ජා පවත්වන බව ඊට සහභාගී වූ නියෝජිතයින් ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද සිය පාක්ෂිකයින් දැනුවත් කරමින් රට පුරා යාම් සිදුකරමින් පවතියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මෙම වසරේ ජනවාරි...

විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : පසුගියදා , ...

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට තවත් වගකීමක්

කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා...