සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින තාක් කල් චීනය තායිවානය ආක්‍රමණය නොකරන බව චීන ජනාධිපති ෂී ජින්පින් තමාට පැවසූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා ඊයේ(16)දිනයේ ෆොක්ස් නිවුස් හා පැවැත්වූ සම්මුඛ සාකච්ජාවක් අතරතුර මේ බව ප්‍රකාශ කර ඇත.
ට්‍රම්ප් සිය දෙවන ජනාධිපති ධුර කාලය සඳහා බලයට පත් වීමෙන් අනතුරුව පසුගිය ජුනි මාසයේදී ෂි ජින්පින් හා ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් සිදු වූ අතර ඉන් අනතුරුවද චීන ජනාධිපතිවරයා තමාට කතා කළ බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබී මුත් ඒ කවදාද යන්න නිශ්චිතව සඳහන් කර නැත.
චීනය තායිවානය තමන්ගේම භූමියක් ලෙස සලකන අතර චීනයේ ස්වෛරීභාවය පිළිබඳ හිමිකම්වලට තායිවානය දැඩි ලෙස විරුද්ධ වේ.
වොෂින්ටනය තායිවානයේ ප්‍රධාන අවි සැපයුම්කරු සහ ජාත්‍යන්තර අනුග්‍රාහකයා වුවද, බොහෝ රටවල් මෙන් එක්සත් ජනපදයට ද දිවයින සමඟ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැත.
කෙසේ නමුත් ජෝ බයිඩන්ගේ සමයේ එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි විසින් තායිවානයේ සංචාරය කිරීමත් සමඟ චීනය විසින් එක්සත් ජනපදය හා තායිවානය අතර මිත්‍රත්වය දිගින් දිගටම ප්‍රතික්ෂප කරන ලද අතර තායිවානය සිය අභ්‍යන්තරික කටයුත්තක් වශයෙන් සලකන ලදී. මෙම සංචාරයට ප්‍රතිචාර දකින් චීනය විසින් තායිවාන් සමුද්‍ර සිමාවේ දින ගණනාවක හමුදා පුහුණුවක් දියත් කළ අතර තායිවානය හා සම්බන්ධ වෙළඳ භාණ්ඩ, ආහාර සමාගම් 100 කට වැඩි ගණනකින් ආනයනය කිරීම තහනම් කරන ලදී.