දිලිප් වෙදආරච්චිගේ පුතා සහ ලේලිය පොලිසියට බාරවෙයි

0
1538

පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ රාජකාරියේ නිරත වී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමග ගැටුමක් ඇතිකරගෙන ඔවුන්ගේ රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතාගේ පුත්‍රයා සහ ලේලිය ඊයේ (06) පස්වරුවේ නීතීඥවරයකු මාර්ගයෙන් පොලිසියට බාරවී තිබේ.

වීරකැටිය පොලිස් ස්ථානයට බාරවී ඇති ඔවුන් දෙදෙනාව එහිදී අත් අඩංගුවට ගෙන ඇති අතර අද දිනයේදී ඔවුන්ව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

RN