අපේ පැරණි ශිෂ්ටාචාරය යළි ඇති කළ යුතුයි. සෑම ගෙවත්තකම ඖෂධත් වවන්න – දිනේෂ්

Date:

මෙරට පැරණි කෘෂිකාර්මික ශිෂ්ටාචාරය යළිත් පිහිටුවා දේශීය නිෂ්පාදන අතිරික්තයක් ඇති කර ලෝකයේ වෙනත් රටවලට ද ආදර්ශයක් සැපයිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත්සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

“අපේ පැරණි කෘෂි ශිෂ්ටාචාරය යළි ඇති කළ යුතුයි. අතීතයේ දී ශ්‍රී ලංකාව වෙනත් රටවලට කෘෂිකර්ම නිෂ්පාදනය තුළ ආදර්ශමත් රටක් වුණා. අපේ ගෙවත්ත දේශීය බෝග වගාවෙන් සරු කර ගත යුතුයි . එමෙන්ම සෑම ගෙවත්තකම දේශීය ඖෂධ වර්ග ශාක වගා කිරීමට පෙළඹිය යුතු අතර සෑම තරුණ සහ පාසල් ළමුන් ඊට යොමු කර එම වැඩසටහන් ශක්තිමත් කළ යුතුයි”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගොරකාපිටිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...