දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ 

අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කියන්නෙ ඉතිහාසයේ යම් කිසි සීමාවන්ට යටත්ව තිබුණු ක්‍රීඩාවක්.මෑත කාලයේ විශාල විවේචන මැද ක්‍රිකට් පරිපාලනයේ කර ඇති වෙනස්කම මතින් ක්‍රිකට් ලංකාවෙ වෙලා තියෙනවා.මීට පෙර තිබුණු ක්‍රිකට් ලංකාවෙ වුණේ යම් සීමාසහිත සීමාවකට පමණයි.

මේ අදහසට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්.ඒත් අහඹු ලෙස දානපතියන් හෝ පරිත්‍යාගශීලීන් හෝ වෙනත් සංවිධාන ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පිටින් පෙර ක්‍රිකට් සටහන්ව තිබුණ සිමාවෙන් පිටට අරගෙන පවතින ව්‍යහුයේ ක්‍රිකට්වලට ප්‍රායෝගික ක්‍රිකට් පොළවෙ අභියෝග කරලා නැහැ.මේ සීමාන කඩාගෙන එළියට ආපු ක්‍රිකට් සංස්කෘතියේ රජවරු සහ රැජිණියන් විදිහට රත්ගම දේවපතිරාජය පෙරමුණේ සිටින බව කිව යුතුයි.

හුඟක් වෙලාවට මධ්‍යම පංතිය නියෝජනය කරන්න තියෙන අධ්‍යාපනික පසුබිම මේ පාසල් වටා ගොඩ නැඟිලා නැහැ.දේවපතිරාජය අවුරුදු 17 න් පහළ ජාතික සූරයින් වීමේ කතාව පිටුපසින් තියලා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පොකුරක්ම දේවපතිරාජයෙන් වීම ගැන කතා කරද්දි ඒ දක්ෂයො හුඟ දෙනෙක් කතා කරද්දි කියන කතාවක් තමයි තාත්තා රස්සාවට යනවා කියන එක.17 න් පහළ දක්ෂයන් ගැන කතා කරත් ඒ හුග දෙනෙකුත් මේ කතාව කියයි.
ඇයි එහෙම වෙන්නෙ?

දේවපතිරාජයට දැන් ක්‍රිකට් ගහන්න දරුවො දාන්න තරගයක් ඇති.ඒත් ඒක දරුවො දාන්න දෙමව්පියන් විසින් හොයාගෙන එන ස්කෝලයක් නෙමෙයි.වරප්‍රසාදිත පාසලක් නෙමෙයි.රත්ගම දේවපතිරාජය අවට ඉන්න නැත්නම් පාසලට අයත් සීමාවෙ ඉන්න බහුතරයකගෙ ජවිත මුහුදු රස්සාව එක්ක ගැට ගැහිලා තියෙන එකයි ඇත්ත.මේ මුහුදත් එක්ක හැප්පෙන්න ස්වභාවයෙන්ම හයිය ඇති පරම්පරාවල ළමයින්ව මහ පොළවෙ පිත්තයි පන්දුවයි එක්ක හප්පන අපූරු ක්‍රිකට් දිසාපාමොක් වන්නේ මහේෂ් සදරුවන්.ඒ නිසා මේ ක්‍රිකට් සංස්කෘතිය ඇතුළෙ දළකාරයින්ව සිටින පාසල්වලට වගේ දක්ෂයන් කුදලාගෙන එන්න හයියක් වත්කමක් නැති දේවපතිරාජය අහළින් පහළින් හොයාගන්න දක්ෂයා බොහෝ විට තමන්ගේ පාසල තරමටවත් පහසුකම් නැති පාසලක දරුවෙක් පමණයි.

ඒ නිසා පෝෂණය සහ ආර්ථික දුෂ්කරතා එක්ක දේවපතිරාජයට යන්න තියෙන ගමන මහ මුහුද තරණය කිරිම හා සමානයි.ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා රට වට කර ඇති කර තිබෙන සම්පත් ප්‍රදානයේ කොටසක් ඔවුන්ට ශක්තිමත් ඔරුවක් පාරුවක් වූවාට හබල ඔවුන්ම සොයා ගත යුතුයි.මේ තරණයේ අපූර්වත්වය කියන්නෙ මේ වන විට විශේෂයෙන් කාන්තා ක්‍රිකට් දෙස බැලීමේදී දේවපතිරාජ තරුණියන් තමයි විශාල වශයෙන් ලංකාවේ ක්‍රීඩා සමාජවලට සම්බන්ධ වෙලා ඉන්නෙ.ඒ නිසා ක්‍රිකට් කියන්නෙ රත්ගම ජීවිතවලට වෙන හැඩයක් දෙන අමුතු බලයක් හැටියට පත් වෙලා.
ඒ හැඩය තමයි මෙවර 17 න් පහළ ජාතික ක්‍රිකට් සූරතා අවසන් තරගයෙදි මහානාමයට එරෙහිව වැඩ දැම්මෙ.එහි තිබුණ සටන්කාමීත්වය මුහුදෙ රළ එක්ක හැප්පෙන අත්නොහරින ශක්තිය පෙන්නුව අවස්ථාවක් වුණා.
දේවපතිරාජය වෙනුවෙන් නායක අරෝශ සිතුමිණ එකතු කළ ලකුණු 76 ක විශිෂ්ඨ ඉණිම එක්ක බලාපොරොත්තු වූ තරම් ලකුණු පූවරුවකට යන්න දේවපතිරාජයට හැකියාව ලැබුණෙ නැහැ.සියල්ලම ලකුනු 191 ට දැවී ගියා.නාලන්දය වැනි පුරාවෘත්ත ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කළ පාසලක් දෙවැනි කොට අවසන් තරගයට පිවිසි දේවපතිරාජයට මේ ලකුණු පූවරුව ප්‍රමාණවත් යැයි සිතීම අපහසු වුනේ එවැනිම පතාක යෝධ ඉතිහාසයක් ඇති රාජකීය කණ්ඩායම පරාජය කර අවසන් තරගයට පිවිසි මහානාමය ද ප්‍රබල කණ්ඩායමක් වන නිසා.

ඒ විදිහට ලකුණු 191 ට සීමා වන්නෙ හේතු වුණේ මේ සටහනේ පෙර කියූ විදිහටම අම්බලන්ගොඩින් රත්ගමට නෑවිත් කොළඹ ආපු කොල්ලෙක් මහානාමය වෙනුවෙන් පැව හපන්කම්. තෙනූජ රශ්මින් නම් වූ ඒ අම්බලන්ගොඩයා දේවපතිරාජයේ කඩුලු 5 ක් ලකුණු 36 ට දවා ගැනීම තමයි දේවපතිරාජ කණ්ඩායමේ ඉණිම ලකුණු 191 ට සීමා වෙන්නට තදින්ම බලපෑව කාරණය වුණේ.

ක්‍රිකට් ආධිපත්‍යයන් දෙදරවා, අලුත් ඒ වගේම සාරවත් අලුත් වෘක්ෂයන් දිනන සංස්කෘතික වෙනසක් එක්ක අවසාන තරගයක සිඳුවන මහානාම සහ දේවපතිරාජ හමුව ලංකාවේ ක්‍රිකට්වල අලුත් අස්ථානය පැහැදිළි කරන නිදසුනක් වුණා.
කී ආකාරයටම තරගයේ පිළිතුරු ඉණිම තුළ ජය දෙපසට දෝලනය වෙමින් ගමන් කළා.මහානාමය වෙනුවෙන් සෙනුල් වීරරත්න ගේ අගනා ලකුණු 52ක් රැස් කරමින් මහානාමය දෙසට තරගය හරවන්න ගත්තු උථ්සාහයට හරස් වුණ ඔශේන් කල්හාර ලකුණු 20ට කඩලු 4ක්ද,සදරු මල්ශාන් ලකුණු 31ට කඩලු 3ක්ද, ලබාගනිමින් මහානාම ඉණිමට ලකුණු 179 දී තිරිංග යොදන්නට සමත් වුණා.

කොහොම නමුත් අවුරුදු 17 න් පහළ කිරුළ අවසානයේ රත්ගම ගියා.ඒ ගමණෙ තිබුණු දේවපතතිරාජයට ආවේණික වූ සංස්කෘතික කතාව වගේම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අදාළ වෙන යුග වෙනසත් කියවාගත යුතු වෙනවා.ඒක රටේ ඈත ගමේ ක්‍රිකට්වලට ආදරය කරන දක්ෂයාට බාධක අවහිර මැද නොනැවතී පෙරට යන්නට කරන ආරාධනාවක් වෙනවා.රත්ගම දේවපතිරාජය ඒ ආදර්ශයේ පෙරගමන්කරු විම ගැන අනාගතයේ දවසක කතා කරන්නට දැක ගන්නට තවත් පිරිස් ඇත ගම් නියම්ගම් හරහා බිහිවෙනු දැකීම අපේ ප්‍රාර්ථනාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...