ලොහාන් විතරමද නරුම, ජනතාව නරුම නැද්ද ?

Date:

රාජපක්ෂ යුගයේ පැවති මැතිවරණවලින් ඉහලින්ම ලකුණු ගත්තෙ ලොහාන්ලා.

ඒකට හේතුව ඔහු ස්තානගතවී සිටි සිංහල බෞද්ධ ප්‍රචණ්ඩ අන්තවාදයේ සක්‍රීය ප්‍රභූ නියෝජනය.. අද උඩතලවින්න කේස් එක කරට අරන් අද ලොහාන්ලව පට්ට ගහන ජනතාවම තමා එදා උඩතලවින්න සීන් ඔළුව උඩ තියන් ලොහාන්ව දිනෙව්වෙත්..

අලුත්ගම – දිගන ඉස්ලාම් ජනයගෙ ගෙවල් කඩසාප්පු ගිනිතිබ්බෙත්, පසුගිය කාලේ රාජපක්ෂ ඇමතිලගෙ සහ හිතවතුන්ගෙ ගෙවල් ගිනිතිබ්බෙත්, ගිනිතියලා ප්‍රශ්න විසඳන්ට බෑ කියලා තේරෙන්නෙ නැති එකම අන්සිවිලයිස් ජනතාවක් විසින්..

හොරුන්ගෙන් රට බේරගන්න කැම්පේන් එක නැගලා යනකොට පරන ජනතාවම ගිහින් ලාල්ට චන්දෙ දුන්නා.. ඊලඟට ලාල්ලට කරගන්ට බැරිව හිරවෙනකොට ඊලඟට එන සෙට් එකක් එක්ක එකතුවෙලා රට කෑවා කියල ලාල්ලට පන්න පන්න නෙලන්නෙත් මේ ජනතාවමයි..

මහින්දගේ නායකත්වයෙන් ප්‍රබාකරන්ගෙ බොඩිය බිමදිගේ ඇදගෙන යනකොට ප්‍රීතිඝෝෂා කරපු ජනතාව තවපොඩ්ඩෙන් මහින්දටත් ඒ වැඩේම කරන්න තිබුනා..

අන්සිවිලයිස් ජනතාවක් එක එක පොලිටිකල් ගේම් වලට යූස්කරන අය දැන් දන්නෙත් නෑ, කලින් අය දැනගෙන හිටියෙත් නෑ ජනතාවාදවල තියෙන භයානක කම.. හේතුව ඒ ජනතා නායකයොත් මේ අන්ධකාරයේම අඩංගුවක් වීම..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...