නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW:
ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟාවලියේ ආරම්භක උත්සවය බස්නාහිර පළාත් තරග ආරම්භ කරමින් 2025 අගොස්තු 16 දින පෙ.ව. 9.00 කොළඹ 7 ටොරිංටන් එළිමහන් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

මෙම ආරම්භක උත්සවය ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැද්දවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර එම උත්සවය සඳහා ඩයලොග් ආසියාටා සමාගමේ සමාගමේ සන්නාම ප්‍රධානී අකීබ් රියාද් මහතා, සන්නාම කළමණාකරු මංජුල ගුණසේකර මහතා සහ ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ උප සභාපති මහින්ද බණ්ඩාර සහ ඉන්ද්‍රජිත් සම්බන්ධපෙරුම මහතා ඇතුළු ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක කමිටු නිලධාරීන් සහභාගි විය.

මෙම තරගාවලිය ආරම්භ කරමින් බස්නාහිර පළාත් තරග සඳහා කණ්ඩායම් 40කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වූ අතර පිරිමි කණ්ඩායම් 24 ක් සහ කාන්තා කණ්ඩායම් 16 ක් තරගාවලියට ඉදිරිපත් වි සිටිති.



