අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

Date:

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

මේ වන විටත් සේනාරත්න මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් ඇති පසුබිමක අද උක්ත නියෝගයද නිකුත් කර ඇත.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ මෙම නොතීසි නිකුත් කළාය.

ධීවර ඇමතිව සිටි සමයේ කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් නියමිත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් හෝ කැබිනට් අනුමැතියකින් තොරව කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කර ඇති බවට රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල වී තිබේ.

මීට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා හිටපු අමාත්‍යවරයාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබුණද ඔහු කොමිසමට පැමිණ තිබුණේ නැත.

රාජිත සේනාරත්න මහතා අධිකරණය මඟහරිමින් දිගින් දිගටම සැඟව සිටින බවට හා මාධ්‍ය නිවේදන නිකුත් කරමින් අල්ලස් කොමිසමේ විමර්ශනයන්ට බාධා කරන බවට කොමිසම විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 12 වැනිදා වරෙන්තු නිකුත් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...

ඉන්දියාවේ පළමු AI සායනය: සත්‍ය ලෙස මෙය කුමක්ද? එය රෝගී සත්කාර වැඩිදියුණු කරන්නේ කෙසේද?

රෂිකා හෙන්නායක ජනවාරි 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ පළමු...

සමුගන්නට මත්තෙන් : චන්ග් ගැන බිඳක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අමෙරිකානු...

චීනයෙන් ජපානය මත නව අපනයන තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිවානය සම්බන්ධයෙන්...