ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW :

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට වඩා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ආබාධ සහිත වූවන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණි. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

ආබාධ සහිත වූවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් සපයන සේවා තව දුරටත් පුළුල්ව සහ විධිමත්ව සැපයීමත්, ඒ සඳහා ආබාධ සහිත වූවන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය සමඟ එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් කෙරෙහි එහිදී අවධානය යොමු වී තිබේ.

ආබාධ සහිත වූවන් සඳහා ලබා දෙන වෛද්‍යාධාර දීමනා ඉහළ නැංවීම, ඔවුන් සවිබල ගැන්වීමට අවශ්‍ය උපකරණ ලබා දීම, එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ආධාර සැපයීම, ආබාධ සහිත දරුවන්ට අධ්‍යාපනය සඳහා ආධාර සැපයීම යනාදිය ජනාධිපති අරමුදල හරහා සිදු කිරීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එහිදී පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම දැනට සපයන සේවා වඩාත් කාර්යක්ෂම කිරීමටත් ජනාධිපති ලේකම්වරයා එහිදී පවසා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...

ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු...