රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන – රුවන් නෙළුගොල්ල

මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු එකිනෙකට වෙනස් කාරණා දෙකක් හෙයින් මේ පිළිබඳව අනවබෝධයෙන් ඇතැමුන් කරන නොමග යවනසුළු ප්‍රකාශවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


“මුදල් අච්චු ගැසීම” යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන්නේ මහ බැංකුව විසින් ම ආර්ථිකය වෙත අලුත් මුදල් නිකුත් කිරීමයි. මෙලෙස ආර්ථිකය වෙත නව මුදල් නිකුත් කිරීමේ ප්‍රධාන ආකාරයක් වන්නේ මහ බැංකුව විසින් ම රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමයි. මෙමගින් මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් තොගය ඉහළ යන අතර, ආර්ථිකයට අලුතින් මුදල් එකතු වේ.

“පුළුල් මුදල් සැපයුම (M2b)” යනු ආර්ථිකයේ සමස්ත මුදල් සැපයුම නිර්වචනය කළ හැකි ආකාරයක් පමණි. පුළුල් මුදල් සැපයුම (M2b) තුළ මහජනතාව සතු ව්‍යවහාර මුදල් වලට අමතරව තවත් සංරචක කීපයක් ඇතුළත්වේ. බැංකු පද්ධතිය මගින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය, බැංකු පද්ධතිය මගින් රජයට ලබා දුන් ණය, බැංකු පද්ධතිය මගින් රජය සතු වාණිජ ව්‍යාපාර වෙත ලබා දුන් ණය සහ බැංකු පද්ධතිය සතු විදේශීය වත්කම් යනාදිය පුළුල් මුදල් සැපයුම (M2b) තුළ අන්තර්ගත වේ.

මේ නිසා, පුළුල් මුදල් සැපයුමේ වෙනස් වීම, මුදල් අච්චු ගැසීම ලෙස අර්ථ දක්වන්නේ හුදෙක්ම ඒ පිළිබඳව මූලික අවබෝධයක්වත් නොමැති බැවින් හෝ දැනදැනම මහජනතාව නොමග යැවීමේ අරමුණින්‍ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...