Leh ගුවන් තොටුපොල Kushok Bakula Rimpochee ලාමා නමින් නම් ⁣කරයි

Date:

කොළඹ LNW:බහුතරයක් බෞද්ධයන් ජීවත්වන ඉන්දියාවේ එකම ප්‍රාන්තය වන ලඩාක් හි ගුවන් තොටුපොළ වන ලේහ් (Leh) ගුවන්තොටුපළ, කුෂොක් බකුලා රිම්පොචී ගුවන් තොටුපොළ ලෙස (Kushok Bakula Rimpochee) නම් ⁣කරයි.

කුෂොක් බකුල රින්පෝචී යනු (1917-2003) ඉන්දියාවේ ලඩාක් හි ඉතා ගෞරවනීය බෞද්ධ ලාමාවරයෙක් සහ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. උන්වහන්සේ ගෞතම බුදුන් වහන්සේ දවස දඹදිව වැඩ වාසය කළ බක්කුල රහතන් වහන්සේගේ පුනරුත්පත්තිය ලෙස විශ්වාස කෙරේ. මොන්ගෝලියාවේ ඉන්දියාවේ තානාපති ලෙසින් ද කටයුතු කර ඇත. මොංගෝලියාවේ සහ රුසියාවේ බුද්ධාගම පුනර්ජීවනය කිරීමට ඔහු දැරූ උත්සාහයන් සහ ලඩාක් සංවර්ධනය සහ එහි ජනතාවගේ සුභසාධනය සඳහා ඔහු දැක්වූ කැපවීම් සහගත දායකත්වයන් නිසා මහත් ගෞරවයට පත් වූ චරිතයක් විය.

මෙම ලේහ් ගුවන් තොටුපොල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එකවර මගීන් 1,000 ක් හැසිරවීමේ ධාරිතාවක් සහිතව පැමිණීම් සහ පිටවීම් පර්යන්තවල Check in Counter 20 ක් ද මධ්‍යගත උණුසුම සහ සිසිලන පද්ධති පහසුකම්වලින් සමන්විතව සංවර්ධනය කෙරෙන නව පර්යන්ත ගොඩනැගිල්ල (2025) මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ දී විවෘත කිරීමට නියමිතය.

නවදිල්ලියේ සිට කිලෝමීටර් 456 ක් දුරින් පිහිටි ලේහ් වෙත වැටී ඇති මාර්ගය නිරන්තරයෙන් හිමෙන් වැසෙන දීර්ඝ කඳු සහිත අතිශය දුෂ්කර මාර්ගයකි. එම නිසා ලඩාක් බෞද්ධ ආරාම වෙත යන සංචාරකයන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය කාරණයකි. සීතල කාන්තාරය ලෙස සුපතල ලඩාක් ප්‍රදේශය ස්විස්ටර් ලන්තයට වඩා මනස්කාන්ත පරිසර දර්ශනයන් ගෙන් යුක්ත බව දෙස් සංචාරකයෝ පවසති.

එම නිසා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ලඩාක් වෙත පැමිණෙන සංචාරකයන් වැඩිවීමක් දක්නට ලැබෙන නිසා ඊට සරිලන සේවා ධාරිතාවෙන් යුක්තව ඩලෙහ් ගුවන් තොටුපොල මෙම නව පහසුකම් සහිතව සංවර්ධනය කිරීම ලඩාක් ප්‍රාන්තයේ ආර්ථික හා සංචාරක දියුණුවට විශාල රුකුලක් වනු ඇත.

ලේහ් ගුවන්තොටුපළේ නව පර්යන්තය (පොසිල ඉන්ධන) විදුලි සහ සූර්ය බලශක්තියේ දෙමුහුන් බලශක්තිය මත ක්‍රියාත්මක වේ. එමගින් මෙම අඩු කාබන් විමෝචනය, බලශක්ති කාර්යක්ෂමතාව සහිත ඉන්දියාවේ ප්‍රථම හරිත ගුවන් සේවා යටිතල පහසුකම් සහිතව ක්‍රියාත්මක වන ඉන්දියාවේ පළමු ගුවන් තොටුපොල ලෙස ලේහ් ගුවන් තොටුපොල ලෙස සැලකේ.

මෙම නව පර්යන්තයේ වාස්තු විද්‍යාත්මක සැලසුම් ලඩාක්හි පොහොසත් සංස්කෘතික උරුමයන් මත වන සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ මෝස්තර හා ලඩාක් කලාවන් සහ ලඩාකි නිර්මාණ අංග ප්‍රවේශමෙන් ඒකාබද්ධව සැලසුම් කර මෙම ගුවන්තොටුපළ නූතනත්වය පමණක් නොව ලඩාක් හි අද්විතීය අනන්‍යතාවය ද පිළිබිඹු කරන බව සහතික කරන බව DAILYEXCELSIOR.COM හි Ajaz Ahmed Basdi මහතා පවසයි.

උපුල් ජනක ජයසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...