නිව්යෝර්ක් අධිවේගී මාර්ගයේ සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පස් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නිව්යෝර්ක් බෆලෝ නගරයට සැතපුම් 30 (කිලෝමීටර් 48) නැගෙනහිරින් පිහිටි පෙම්බ්‍රෝක් නගරය අසල සංචාරකයන් 52දෙනෙකු රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බව නිව්යෝර්ක් ප්‍රාන්ත පොලිසිය වාර්තා කර තිබේ.

එක්සත් ජනපද-කැනඩා දේශසීමාවේ නයගරා දිය ඇල්ලේ සිට නිව්යෝර්ක් නගරයට ආපසු යමින් සිටියදී වාහනය පාලනයෙන් ගිලිහී අනතුරට ලක්ව ඇති අතර මියගිය අයගෙන් වැඩි දෙනෙක් ඉන්දියාව, චීනය සහ පිලිපීනය යන රටවලින් පැමිණි සංචාරකයින් වන බවයි.

නිව්යෝර්ක් ප්‍රාන්ත පොලිස් භට කණ්ඩායම් අණදෙන නිලධාරී ඇන්ඩ්‍රේ රේ මේජර් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනතුර සමබන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, අනතුරට හේතුව විමර්ශනය කරන බවත්, සමහර පුද්ගලයින් වාහනයෙන් ඉවතට විසිවී ඇති බවත්, බොහෝ දෙනෙක් ආසන පටි පැළඳ නොසිට ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...