” කාලය ඇවිත් ” ජංගම ඉතිහාස කෞතුකාගාරය නැරඹීමට අගමැතිනිත් එයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW:

ඊයේ(22) දිනදී කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පැවැත්වෙන ” කාලය ඇවිත් ” ජංගම ඉතිහාස කෞතුකාගාරය නැරඹීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්විය. නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගවේශනය කිරීම අරමුණු කරගනිමින් පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මෙය සංවිධානය කර ඇත.

2019 වසරේ ආරම්භ කළ මෙම ජංගම කෞතුකාගාරය මේ වන විට දිවයිනේ පළාත් 09 ක, දිස්ත්‍රික් 10 ක් සහ නගර 11 ක් ආවරණය කරමින් ප්‍රදර්ශණය කර ඇති අතර අගෝස්තු 19 දා සිට ප්‍රථම වතාවට කොළඹදී ප්‍රදර්ශනය කිරීම ආරම්භ විය. එය දින පහක් පුරා කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පැවැත්වෙි.

නිදහසෙන් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ වැදගත් සිදුවීම් අලළා නිර්මාණය කෙරුණු මෙම ප්‍රදර්ශනය තුළ 1940 දශකයේ සිට වර්තමානය දක්වා මෙරට ඉතිහාය තුළ ජාතිය සහ ජාතික අනන්‍යතාව ගොඩනැගීම, ගැටුම් සහ ආර්ථිකය යන තේමාවන් අරමුණු කරගත් තොරතුරු ඇතුළත් වේ.

ඒ ඔස්සේ ඉතිහාසය යනු කුමක් ද? එය ලියන්නට ලැබෙන්නේ කා හට ද? ඉතිහාසය ඉගෙනගන්නා විවිධ ආකාර මොනවා ද? යන ප්‍රශ්න පිළිබඳව දරුවන්ට විවිධ ගවේෂණ සහ ක්‍රියාකරකම් ඔස්සේ සිතීමට පෙළඹවීම මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණ වී ඇත.

මෙම ජංගම කෞතුකාගාරය යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය විසින් අරමුල් සපයන, ඓතිහාසික සංවාදය සහ මතකය සඳහා වූ එකමුතුවේ (CHDM ) සංවිධානයෙන් ද ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීමේ ආයතනයේ ( SCOPE) සහයෝගයෙන් සහ ශ්‍රී ලංකා රජයේ හවුල්කාරිත්වයෙන් පැවැත්වෙන්නකි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති අතිගරු කාමන් මොරේනෝ මහත්මිය ද ජාත්‍යන්තරය සහයෝගිතාවය සඳහා වූ ජර්මානු සංගමයේ (GIZ ) ශ්‍රී ලංකා ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ නිකලස් ලමාඩේ මහතා සහ ඓතිහාසික සංවාදය සහ මතකය සඳහා වූ එකමුතුවේ (CHDM ) විධායක අධ්‍යක්ෂ තනූජා තුරෙයිරාජා මහත්මිය සම්බන්ධ විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...

රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...