බැසිල් රාජපක්ෂ මේ සතිය අග ඇමරිකාවට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ සතිය අගදී ඇමරිකාව බලා පිටත් වීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

අප මීට පෙර වාර්තා කළ අන්දමින් හෙට (09) දිනයේදී ඒ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනු ඇති බව සඳහන්.

එසේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඒ මහතා විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තත්වය පැහැදිලි කිරීමට ද නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එයින් පසු මේ සතිය අගදී ඒ මහතා කෙටි කලකට ඇමරිකාව බලා පිටත්ව යනු ඇති අතර නැවත පැමිණ පූර්ණ කාලීනව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන කටයුතුවල නිරත වීමට ද ඒ මහතා තීරණය කර ඇති බවත් වාර්තා විය.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...