බැසිල් රාජපක්ෂ මේ සතිය අග ඇමරිකාවට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ සතිය අගදී ඇමරිකාව බලා පිටත් වීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

අප මීට පෙර වාර්තා කළ අන්දමින් හෙට (09) දිනයේදී ඒ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනු ඇති බව සඳහන්.

එසේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඒ මහතා විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තත්වය පැහැදිලි කිරීමට ද නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එයින් පසු මේ සතිය අගදී ඒ මහතා කෙටි කලකට ඇමරිකාව බලා පිටත්ව යනු ඇති අතර නැවත පැමිණ පූර්ණ කාලීනව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන කටයුතුවල නිරත වීමට ද ඒ මහතා තීරණය කර ඇති බවත් වාර්තා විය.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...