කොළඹ දකුණ පෙරමුණ ගනියි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන යූත් ලීග් අවුරුදු 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවති තරග ප්‍රතිපල අනුව රෙහාන් පීරිස්ගේ නායකත්වය යටතේ තරග වඳින කොළඹ දකුණ කණ්ඩායම පෙරමුණේ පසුවෙනවා.ඔවුන් සහභාගි වූ තරග තුනම ජයගෙන තිබෙන අතර නායකයෙකු ලෙස ජයග්‍රාහී කණ්ඩායම මෙහෙයවීමේ භාග්‍යය ලද්දේ වුව ද දක්ෂ පිතිකරුවෙකු ලෙස ප්‍රකට රෙහාන් තවමත් මේ තරගාවලියේ තවමත් ලකුණු අතරට පැමිණ නැහැ.


ටකළෙඹ දකුණ කණ්ඩායම සිය තෙවන ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වූයේ දඹුල්ල කණ්ඩායමට එරෙහිවයි.මෙහිදී ලකුණු 28 ක ජයක් ලබා ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත් වුණා.පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 63 ට දැවී ගියත් තෙවිඳු වේවැල්වල (84) සහ නොදැවි ලකුණු 80 ක් රැස් කළ හිමරු දේශාන් හයවන කඩුල්ලට ලකුණු 132 ක සබඳතාවයක් පවත්වන්නට සමත් වුණා.එතැන් සිට තවත් ලකුණු 31 ක නොබිඳි සබඳතාවයකට ඔෂධ මනහාර සමඟ දායක වෙමින් හිමරු කොළඹ දකුණ ලකුණු පූවරුව කඩුලු 6 ට ලකණු 226 ක් දක්වා රැඟෙන යන්නට දායක වුණා.


පිළිතුරු ඉණිමේදී දඹුල්ල කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරු හිමත් පණ්ඩිතරත්න ලකුණු නොලබා දැවී ගිය ද ලකුණු බිංදුවට එක් කඩුල්ලක් වූ ලකුණු පූවරුව ලකුණු 60 ක සබඳතාවයක් සමඟ ඉදරියට ගෙන ඒමට අමල් පෙරේරා (22) සහ ෂෙනන් ප්‍රනාන්දු (40) සමත් වුණා.ෂෙනන් අංක තුන පිතිකරු ලෙස සහ අංක පිළිවෙලින් 4 සහ 5 පිතිකරුවන් වූ පුදසර අයෝධ්‍ය (34),ඉෂාන් ඛාන් (53) ලකුණු අතරට පැමිණිය ද රුෂඳු සිල්වා (28/3) සහ මතීෂ අපෝන්සු (21/2) ප්‍රමුඛ කොළඹ දකුණ පන්දු යවන්නන් යළි තරගයට පිවිසෙමින් දඹුල්ල කණ්ඩායම ලකුණු 198 ට සීමා කරනු ලැබුවා.


එසේම මහනුවර කණ්ඩායම කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව ලකුණු 117 ක දැවන්ත ජයක් ලබා ගන්නට සමත් වුණා..මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායමේ කිසිඳු පිිතිකරුවෙකුට අර්ධ ශතකයක් කරා යන්නට හෝ අවස්ථාව නොලැබුණත් සාමාන්‍ය මට්ටමෙන් ලකුණු තිස් ගණන් විසි ගණන් එකතු වී මහනුවර ලකුණු පූවරුව ලකුණු 221 ක් දක්වා ඉහළ ගියා.සනිඳු ගුණතිලක (37) සහ චනුල් කොඩිතුවක්කු (36) මහනුවර කණ්ඩායමේ වැඩිම ලකුණුලාභීන් වූ අතර කොළඹ උතුර කණ්ඩායම වෙනුවෙන් ශවීන් පෙරේරා සිය පන්දු ඕවර් 9 ලකුණු 20 ට සීමා කරමින් කඩුලු 2 ක් දවා ගනිමින් පන්දුවෙන් කැපී පෙණෙන දස්කම් පෙන් වූවා.
පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දක්වමින් නොදැවී ලකුණු 27 ක් ලැබූ ශවීන් කොළඹ උතුර කණ්ඩායම වෙනුවෙන් වගකීම් ඉටු කළ ද ඔවුන්ට මහනුවර බන්දු යවන්නන් අභිබවා යන්නට හැකියාවන් නොතිබිණු අතර සියලු දෙනාම පන්දු ඕවර් 29.5 දී ලකුණු 104 ට දැවී ගියා.
ඡායාරූපයේ දැක්වෙන්නේ කොළඹ දකුණ කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක් වූ තෙවිඳු වේවැල්වල සහ හිමරු දේශාන් යන දෙදෙනායි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...

රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...