කොළඹ LNW:කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව මේ වනවිට තරකර තිබේ.
එම පරිශ්‍රය වෙත පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති අතර අධිකරණ පරිශ්‍රයට ඇතුළු වන පුද්ගලයින්ගේ නඩු අංක පරීක්ෂා කර ගමන්මලු සහ පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂාවට ලක්කරන අතර කිව් මාර්ගයෙහි (Kew Road) පදිංචිකරුවන්ට හා නීතිඥවරුන්ට පමණක් එම මාර්ගයට ඇතුළු වීමේ හැකියාව සලස්වා තිබේ.
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතයි.
උක්ත සිද්ධිය අදාළව පසුගිය 22 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතාව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර මේ වන විට වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් පසුවෙයි.
පවතින තත්ත්වය මත වික්‍රමසිංහ මහතා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින නමුත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් ඔහු අධීක්ෂණය සිදුකර අධිකරණයට ඉදිරිපත් කරනවාද? නැද්ද? තීරණය කිරීමට නියමිතයි.











ජායාරූප – අජිත් සෙනෙවිරත්න
