අධිකරණයට පිවිසෙන මාර්ගය අවහිර කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග!

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පැමිණිල්ල විභාග කරන අවස්ථාවේ අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර කළ පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී පස්වරු 02.00ට එම නඩුව විභාගයට ගත් අතර නඩුව විභාග කරන අවස්ථාවේදී අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර වන අන්දමට ජනතාව රැස් කළ පුද්ගලයින්, සංවිධාන කළ අය කවුරුන්ද යන්න විමර්ශනය කර ඔවුන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දින රාත්‍රීයේ අධිකරණ පරිශ්‍රයේ සිදු වූ ඇතැම් සිදුවීම් වීඩීයෝ කර සමාජ මාධ්‍යවල පළ කළ පුද්ගලයින් ගැනද විමර්ශනය කර ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ පනතේ සඳහන් ප්‍රතිපාදන යටතේ අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...