සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිට!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW:

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අද (28) පස්වරු 2ට අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථගාරයේදී එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් නිලවරණය පැවැත්විණි. ඒ අනුව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරී පත්විය.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයේ කටයුතු කළ පූජ්‍ය  ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමිගේ අපවත්වීම හේතුවෙන් එම පාර්ශ්වයේ එක් අනුනායක ධුරයක් පුරප්පාඩුව පැවතුණු අතර, හිමිවරුන් විසි දෙනෙකු අස්ගිරි කාරක මහා සංඝ සභාව නියෝජනය කරන අතර ඉන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි. අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගනය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි හා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී  ධර්මාචාර්ය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිවරු මෙම ධුරය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමට දැහැත් ලබාදී තිබුණි.