සජිත්ලා, නාමල්ලා, රනිල්ලා, මහින්දලා, මෛත්‍රීලා, චම්පිකලා අපරාධකාරයෝ. ඔක්කොම එක රැළට වැලිකඩ යවනවා – ඇමති නලින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂයේ මීළඟ ඒකාබද්ධ රැස්වීම පවත්වන දිනයේදී එම ශාලාවට විශාල ඉබ්බෙකු දැමීම තුළින් සියලු අපරාධකාරයින් එකවිමට අල්ලාගැනීමට හැකිවන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

“දැන් අපිට විපක්ෂයේ පසුගිය වැඩෙත් එක්ක ඉතාම පහසු වුණා, විශේෂයෙන්ම අපි කියපු හොරු ටික එකම කඳවුරකට ආවා. සජිත් මහත්තයලා, රනිල් මහත්තයලා, නාමල් මහත්තයලා, මහින්ද මහත්තයලා, මෛත්‍රීපාලාල මහත්තයලා, චම්පික මහත්තයලා, මේ තමයි අපරාධකාරයෝ ටික. මෙයාලා තැනින් තැන හැංගිලා හිටියේ, හැබැයි රනිල් මහත්තයාගෙ සිදුවීමත් එක්ක අපරාධකාරයො එක පෙළට ආවා. ඉතින් ඊගාව රැස්වීම තියෙන වෙලාවට ගිහිල්ලා ඒ තියෙන ශාලාවට මහා ඉබ්බෙක් දැම්මොත් හොරු ටික එකවැරම අල්ලාගන්න පුළුවන්. ඒ නිසා හොරු කවුද, නොහොරු කවුද කියලා හරිම සරල බෙදීම් රේඛාවක් දැන් තියෙනවා. ඔවුන් ඒ තත්වයට පත්වීම සම්බන්ධයෙන් ඔවුන්ට ගෞරවනීය ස්තූතියක් තියෙනවා. සජිත්ලාගෙ දැන් රෙදි ගලවාගෙන, නාමල්ලාගෙ දැන් රෙදි ගලවාගෙන එකට ලැගලා තියෙනවා. ඇයි මෙහෙම ලගින්නෙ ? ඉදිරියේ එන මැතිවරණවලට ඔවුන්ට වෙන්වෙලා හිටියොත් තමයි වාසි. හැබැයි දැන් ඔවුන්ට ළඟ එන අනතුරක් තියෙනවා. මොකද නීතිය ක්‍රියාත්මක වීම. ඔවුන් දන්නවා ඔවුන් අපරාධකාරයෝ, එහෙනම් අපරාධකාරයෝ එකට එකතුවීමෙන් පමණයි යම් හෝ සැනසීමක් ගන්න වෙන්නෙ. හැබැයි ඒකෙන් සැනසීම තියෙන්නෙ ආණ්ඩුවට. එකවිට ඉබ්බෙක් දම්මා ගත්තාට පස්සෙ ඔක්කොම එක රැළට අපට වැලිකඩට යවන්න පුළුවන්”

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කමිදු ගිය නුවණ දුෂාන් ලවා අද්දයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරයේ නිරත ශ්‍රී...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක් !

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව අල්ලස්...

කෝටි 31ක මත්ද්‍රව්‍ය ගුවන් තැපෑලෙන් මෙරටට: කූරියර් පාර්සල් 07ක් ලෙස සකස් කර එවලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : සීදූව ප්‍රදේශයේ පිහිටි...

පසුගිය දශක කිහිපය තුළ බ්ලොක්බස්ටර් සීමා බිඳලූ සිනමාංග කිහිපයක්!

සටහන – පුලී සැප්තැම්බර් 03, කොළඹ (LNW): The Exorcist, Jaws, සහ...