නිශ්මං රණසිංහ අගෝස්තු 31, කොළඹ LNW:
අරාබි නිසොල්ලාසය විශ්ව සාහිත්‍ය තුළ කතාබහට ලක්වන්නේ ආදරණිය කතා මාලාවක් හැටියටය.අද වන විට අරාබිකරයේ පාපන්දු ආදරය ද නිසොල්ලාසයක් බඳු කතාවන් පැතිරී විසිරී ඇත.සුවිශාල ආයෝජනයක් කරමින් ලෝකයේ බලවත්ම පාපන්දු ක්‍රීඩා සමාජ අයිතිය සරි කර ගනිමින්ද,,ලෝක ප්‍රකට ක්‍රීඩකයින් මැද පෙරදිග පාපන්දු ක්‍රීඩා සමාජ වෙත මිලදී ගනිමින් ද ඇත. නිමා වූ ලෝක කුසලාන තරගාවලිය පැවතියේ ද කටාරය කේන්ද්‍ර කර ගනිමින්ය.කටාරයට සීමා නොවන සමස්ත මැද පෙරදිග රටවල් සියල්ලම පාහේ මේ වන විට පාපන්දු ආදරය නිසා පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් සල්ලි ගස් හොල්ලන ධන කුවේරයන්ගෙන් අඩුවක් නැති තැන් බවට පත්ව ඇත.
මේ මොහොතේ ශ්‍රී ලංකාවේ අනාගත පාපන්දුවේ හැඩය වෙනස් කිරීමේ වගකීම පැවරෙන ශ්‍රී ලංකා අවුරුදු 23 න් පහළ පාපන්දු ක්‍රීඩකයෝ මේ මැද පෙරදිග පාපන්දු ආදරයේ චමත්කාර පොළව සිප ගනිමින් සිටිති.ලෝක කුසලාන තරග පැවත් වූ කටාරයේ ලුසායිල් ලෝක කුසලාන ක්‍රීඩාංගණයේදී මෙම කණ්ඩායමට මැද පෙරදිග සිටින පාපන්දු දැවන්තයෙක් වන කටාරයේ අවුරුදු 23 න් පහළ ක්‍රීඩකයින් මුණ ගැසීමේ අවස්ථාවක් දිනා දීමට සහ ලොාව ඉහළම පහසුකම් ඇති ක්‍රීඩා පිටියක ක්‍රීඩා කිරීමේ උත්කෘෂ්ඨ අවස්ථාව දිනා දීමට ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මැදිහත්ව ක්‍රියා කර ඇත.ඒ අන්තර්ජාතික සබඳතාවය සහ විශේෂතාවය ශ්‍රී ලංකාවේ පාපන්දුව ලෝක පාපන්දු සංස්කෘතියේ ලාංකේයත්වය පෙරට පෙරළා ගෙන යාමට අතිශයින් වැදගත්ය.

ලෝක කුසලාන අවසාන මහා තරගය පැවත් වූ ලුසායිල් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමි වීම යන්නම ජයග්‍රහණයක් බව ලාංකේය පාපන්දුව ලෝක ශ්‍රේණිගත කිරීම් හී සිටින ස්ථානය හා සසඳද්දී තරමක් විශ්මය දනවන කාරණයකි.එම මිත්‍රත්වය දිනා ගැනීමේ ජස්වර් සළකුණ විසින් දිනා දුන් විශ්මය උපදවන සුළු මොහොත ලංකාවේ අවුරුදු 23 න් පහළ කොල්ලන් රෑන කටාරයේ හුස්ම තද කරන විශ්මයක් ලෙස නිමාවට පත් කළේ අවසාන ප්‍රතිපලය 1-1 ක් ලෙස සටහන් කරමින්ය.
පළමු භාගයේදී කටාර් පෙරමුණ ගත් නමුත්, තරුණ ශ්‍රී ලංකා සිංහයන් ඔරොත්තු දීමේ හැකියාව සහ සටන්කාමී ස්වභාවය පෙන්නුම් කරමින් තරගයට අවතීර්ණ වෙමින්, රාහුල් සුරේෂ්ගේ දඬුවම් පහරක් හරහා දෙවන භාගයේදී කටාරය හා සමවෙමින් තරගයේ අවසාන විසිල් හඬ ඇසෙන විටත් එය පවත්වාගෙන යන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.ඒ නිසා සැප්තැම්බර් 3 සිට 9 වන දා දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට කිර්ගිස්තානයේ පැවත්වෙන 2026 අවුරුදු 23 න් පහළ ආසියානු පාපන්දු සූරතාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියටහොඳ විශ්වාසයකින් මුහුණ දීමට මග සැකසී ඇත.
උස්බෙකිස්තානය,පලස්තීනය සහ සත්කාරක කිර්ගිස්තානය සමඟ ශ්‍රී ලංකාව තරග වදින ඊ කාණ්ඩයේදී ශ්‍රී ලංකාව පළමුවරට හමුවන්නේ සැප්තැම්බර් 3 වන දා උස්බෙකිස්තාන කණ්ඩායමය.සැප්තැම්බර් 6 වන දා පලස්තීනය හමුවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 9 වන දා සත්කාරකත්වය දරන කිර්ගිස්තානය හමුවීමට නියමිතය.කටාර් බිමේ දී කටාරය සමඟ 1-1 ක් ලෙස සමව තරගය අවසන් කර ගැනීමේ හැකියාව ශ්‍රී ලාංකේය තරුණයන්ට ලැබුණ ද,ඒ බිමේ දී දැණුන සිරියාව සමඟ වූ තරගයේ අත්දැකීම සිරියාවන්ත එකක් නොවිණ.එයින් ලාංකේය තරුණයන්ට 3-0 ක ලෙස පරාජයක් අත් විඳින්නට සිඳු විය.ජයග්‍රහණය සඳහා යන ගමණේ පරාජය ද ඊට අවශ්‍යය ශක්තිය සපයා දෙන අත්දැකීමක්ය.අපි ඒ නිසා කිර්ගිස්තානයට පා තබන ශ්‍රී ලංකා කණ්ඩායම දෙස සුබවාදීව බලා සිටිමු.

.